තමිල්නාඩුවේ කරූර් දිස්ත්‍රික්කයේ පැවති විජේගේ දේශපාලන රැලියක ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් තිබේ.Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය වාර්තා කළේ විශාල පිරිසක් එක්රැස් වීම නිසා ඇති වූ තදබදය හේතුවෙන් සමහර පුද්ගලයින් ක්ලාන්ත වී ඇති අතර ඒ හේතුවෙන් මෙම තෙරපීම ඇති වූ බවය.
මෙම රැලිය සඳහා අවම වශයෙන් 30,000ක පමණ පිරිසක්වත් සහභාගී වී සිට ඇති බව එරට පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම රැලිය සඳහා විජේගේ පැමිණීම පැය හයකට වඩා ප්‍රමාද වී ඇති අතර ඒ වන විටත් සෙනඟ පාලනය කරගත නොහැකි මට්ටමකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස තමිල්නාඩු මහඇමැති එම්.කේ. ස්ටාලින් පොලිසියට දැනුම් දී ඇත.










