• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේ අනේ නිකන් පලයන් බන් යන්ඩ…! Sri Lanka Latest News

August 30, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
විජේ අනේ නිකන් පලයන් බන් යන්ඩ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු ඉන්දියාවේ සුපිරි නළුවා තලපති විජේ මහඇමැති සටනට එන බව බොහොම මෑත කාලයේ වෙද්දී ප්‍රසිද්ධ වෙච්ච කාරණයක්. ඔහු මහඇමැති සටනට එන බව විතරයි අපි තාම අහලා තියෙන්නේ. ඔහු මහඇමැති වෙන බව අපි දන්නේ නැහැ. නමුත් ඔහු මහඇමැති වෙන බවත්, ඔහු විසින් මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඉඩ තිබෙන බවත් දේශපාලන විචාරකයෝ සඳහන් කරනවා. ඔවුන් කියන්නේ දකුණු ඉන්දියාවේ විපක්ෂයක් සම්පූර්ණයෙන්ම නැතිවෙලා යයි කියලා මේ තලපති විජේගේ දේශපාලන ආගමනයත් එක්ක.Sri Lanka Latest News

හැබැයි මතක තියාගන්න ඕනෙ වැදගත් කාරණයක් වෙන්නේ, දකුණු ඉන්දියාවට දේශපාලනය සඳහා පැමිණෙන නළුවන්ගෙන් නිළියන්ගෙන් අඩුවක් නැහැ. ජයලලිතා වුණත් එහෙම තමයි. අපි දන්නවා එම්.ජී.ආර්., කලින් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ලංකාවේ ඉපදුණු එම්.ජී.ආර්., පහුගිය කාලේ මහඇමැති පුටුවට ආවා. ඔහුත් නළුවෙක්. අපි එම්.ජී.ආර්.ගේ උප්පැන්න සහතිකය ඉඳලා හොයාගෙන ගියා. ඔහු ගිය පාසල අපි හොයාගත්තා. ඔහු මුල් කාලීනව නුවර ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙන බව අපිට දැනගන්න ලැබුණා. ඔහු ලංකාවෙදි තමයි මවු කුසෙන් එළිය දැකලා තියෙන්නේ. ඔහුගේ උප්පැන්න සහතිකයේ තියෙන්නෙත් ඔහු ඉපදිලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියන එක. නමුත් එම්.ජී.ආර්. පසුව ඉන්දියාවටම සින්න වෙලා, ඉන්දියාව ඇතුළේ ජීවත් වෙච්ච පුද්ගලයෙක් බවට පත්වුණා. පසුව ඔහු නළුවෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා මහඇමැති පුටුවට ආවා. මේ වගේ කීපදෙනෙක්ගේම නම් ගම් තියෙනවා.

නමුත් තලපති විජේගේ තත්ත්වය මීට වඩා වෙනස්. තලපති විජේ දේශපාලනයට එන්නේ මුළු ලෝකෙම ආකර්ෂණය දිනාගත්තු ප්‍රබල නළුවෙක් විදිහට. ලෝකෙම කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ ආසන්න රටවල දැඩි ආකර්ෂණයට ලක්වුණු නළුවෙක්. මේ ඔක්කොටම වඩා වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. ඔහු තමන්ගේ දේශපාලන සටන් පාඨ අතර කියනවා ශ්‍රී ලංකාවෙන් භාගයක් තමන් අයිති කරගන්න බව. ශ්‍රී ලංකාව කියන නම සිතියමෙන් අයින් කරලා දාන බව. ඔහු කියනවා ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල කරන බව. ඒ දැඩි බලපෑම ඔහු වෙතින් එල්ල වීම භයානකයි මීට පෙර සිටි අනිත් අයට වඩා. ලංකාවේ දේශපාලනික වශයෙන් ශක්තිමත් නායකයෝ ඉන්නවා නම්, නැත්නම් ජාත්‍යන්තර වශයෙන් සබඳතා සහිත නායකයෝ ඉන්නවා නම්, මේ වගේ අතපෙවීම්වලදී යම් ආකාරයකින් බේරාගැනීමේ හැකියාව තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල ශක්තියක් සහිත දේශපාලකයෝ අපේ රටේ නැති වීම. අපේ යාළුවා ඉන්දියාව වුණාම, අපේ යාළුවා අපිට උදව් කරන කෙනා ඉන්දියාව වුණාම, ඉන්දියාවෙන් අපිට සිද්ධ වෙන කෙනහිලිකම්වලින් අපිව බේරගන්න කෙනෙක් නැති වෙනවා. ඉන්දියාවේ අවශ්‍යතාව වුවමනාව මත ඔවුන් තෘප්තිමත් කිරීමේ තීන්දු තීරණ ගන්න පාලකයෝ රටක හිටියොත්, මේ වගේ අවස්ථාවකදී අපිට ඒක ඉතාම භයානකයි.

තලපති විජේලාගේ පළවෙනි ඉලක්කය වෙන්නේ කච්චතිව් දූපත. කච්චතිව් දූපත තමන් සතු කරගන්නා බවට ඔවුන් නිශ්චිත වශයෙන්ම සඳහන් කරනවා. මේ වගේ තත්ත්වයක් යටතේ තලපති විජේ වගේ කෙනෙක් දේශපාලනයට ආපු වෙලාවේ අපි ඔහුව උත්කර්ෂයට නැගීමේ ගැටලුව ඔබට පැහැදිලි කරන්නම්. අපි තලපති විජේ දේශපාලනයට එන වගත්, ඔහු දේශපාලනයට ආවොත් ඒක ලංකාවට බලපාන වගත් කිව්වේ මීට අවුරුදු පහකට හයකට කලින්. අපි ඒක කියන්නේ, මාධ්‍යවේදියෝ විදිහට අපි අපේ ආයතනයේ මුදල් දීලා අපි රාජකාරී කටයුත්තක් විදිහට යනවා චිත්‍රපටයක් බලන්න යාපනේ. ඒකට හේතුව දෙමළ අයගේ චිත්‍රපට බැලීමේ සංස්කෘතිය වෙනස් නිසා, අපි ඒ සංස්කෘතික අත්දැකීම ගන්න හිතාගෙන ගියාම, අපි දැක්කා ඔවුන් විජේට කොච්චර ආදරේ කරනවද, විජේට ඔවුන් කොච්චර සලකනවද කියන එක.

ඉතින් මේ තත්ත්වයත් එක්ක අපිට පේන්න තියෙන වැදගත් කාරණයක් වෙන්නේ, ලංකාව දේශපාලනික වශයෙන් කොයි තරම් ශක්තිමත්ද කියන එක මත තීරණය වෙන දෙයක්. ලංකාවේ උතුරු නැගෙනහිර ඡන්දවලට බලපෑම් කළ හැකි තරමට උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල ඔවුන් කොයි තරම් ප්‍රසිද්ධයිද, ලංකාවේ ද්‍රවිඩ ජනතාවට කොච්චර ඔවුන්ට බලපෑම් කරන්න පුළුවන්ද කියන එක තමයි මෙතැන තියෙන වැදගත්ම දේ. දැන් මේ කතාවෙදී අපි දකිනවා, ඔවුන් පැහැදිලිවම උතුර සහ නැගෙනහිර ගැන කතාකරන්න පටන් අරන් තියෙන වග. ඒක නිසා මේක නිකම්ම නිකන් අහඹුවක් නෙමෙයි.

මේකේ ඉතා වැදගත් සිද්ධියක් තියෙනවා. උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරන ඥාතිකමක් තලපති විජේට තිබීම. තලපති විජේගේ පවුලේ ඉන්න වැදගත්ම සාමාජිකයා අයිති වෙන්නේ ත්‍රිකුණාමලයට බව අපි දන්නවා. ඒ තමයි ඔහුගේ බිරිඳ. ඇය ඉපදිලා තියෙන්නේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ. ලංකාවේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ කෙනෙක් මේ විදිහට දේශපාලනික වශයෙන් ශක්තිමත් වුණාම, බැරි වෙලා හරි ඈ ඡන්දෙ ඉල්ලුවොත් මොකක් වෙයිද කියන එක ගැන අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න ඕනේ. මොකද උතුරු නැගෙනහිර පොදු අපේක්ෂකයෙක් මේ වතාවෙත් ජනාධිපතිවරණයට ඔවුන් ඉදිරිපත් කළා. ඊළඟ වතාවෙත් මේ පොදු අපේක්ෂකයා කියන සෙල්ලම උතුරු නැගෙනහිර ඇතුළේ එන්න පුළුවන්. ඒ නිසා උතුරු නැගෙනහිර ඇතුළෙදී මේ විදිහට තමිල්නාඩුවේ ශක්තිය උතුරට ලැබුණාම, බොහෝ විට දෙමළ පාලකයෙක් එක්ක රට ඉදිරියට යන්න අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට අපි හිතනවා වගේ අපේ රට යටත් කර ගැනීමේ අවශ්‍යතාවක් ඒගොල්ලොන්ට නැහැ. ඒගොල්ලන්ට හැකියාව තියෙනවා. නමුත් පැහැදිලිවම අපේ රට ආක්‍රමණය කරනවටත් වඩා, අපේ රටට ඒගොල්ලන්ට අවශ්‍ය කරන විදිහේ පාලකයෙක් පත් කරගන්න. ඒ සඳහා අවශ්‍ය කරන උපක්‍රම බොහෝ වෙලාවට භාවිත කරාවි කියලා පැහැදිලිව පේනවා. උතුරු නැගෙනහිර ඡන්ද ටිකට පැහැදිලිව ඉලක්ක කරමින් ඔවුන් දේශපාලනය කරන්න ඉඩ තියෙන බව අපිට පැහැදිලිව පේන්න තියෙනවා. ඉතින් ඒ නිසා මේ තත්ත්වය වඩාත් නිවැරදිව, නිරවුල්ව අවබෝධ කරගෙන, අපේ රටේ දකුණේ දේශපාලකයෝ කුළල් කාගන්නේ නැතුව, තැන් තැන්වල කාකොටා වැටෙන්නේ නැතුව, යම් දේශපාලන ව්‍යාපෘතියක් යටතේ රට ඉදිරියට අරගෙන නොගියොත්, ඉන්දියාවේ පාලනය සම්පූර්ණයෙන්ම ලංකාවේ උතුර, නැගෙනහිරට, කඳුකරයට විශේෂයෙන්ම යොමුවෙන්න හැකියාව තියෙනවා.

බොහෝ වෙලාවට අර ප්‍රභාකරන් ආයුධ අරන් ඇවිල්ලා ඉල්ලපු ඊළම, විජේලා ඡන්දෙ අරන් ඇවිල්ලා ඉල්ලන්න පුළුවන්. මේ ඊළම කියන වචනේ පාවිච්චි කරනවට සමාවෙන්න ඕනේ. අපි විරුද්ධ වෙන්නේ රට බෙදනවට. උතුරේ දෙමළ අයටත්, දකුණේ සිංහල අයටත් සමාන වරප්‍රසාද ලැබිය යුතුයි. යම් හෙයකින්, යම්කිසි රජයක් යටතේ උතුරේ ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය කරන වරප්‍රසාද ටික ලැබෙන්නේ නැත්නම්, තලපති විජේ නෙමෙයි, ඕනෙ කෙනෙක් මැදිහත් විය යුතුයි. නමුත් සියලු පහසුකම් එක විදිහට දීලා, අපි හැමෝම එකට කාලා, එකට බෙදාගෙන, එකට ජීවත් වෙනවා නම් රටක, කෑල්ලක් කඩලා අයිතිවාසිකම් කියන්න වෙන කාටවත් ඉඩ දෙන්න බැහැ. මේ වුවමනාව ඇතුළේ ඉන්දියාව තමන්ගේ බිම ලොකු කරගැනීම, අධිරාජ්‍යවාදී සංකල්පය වැඩිදියුණු කරගන්නවා වගේම, තලපති විජේලාට තමන්ගේ බලපරාක්‍රමය ලෝකය පුරා පැතිරවීමේ හැකියාව, ඔහුට අධිරාජ්‍යයෙක් විදිහට නැගීසිටීමේ හැකියාව ලැබෙනවා.

අපි දන්නවා දකුණු ඉන්දියානු පාලකයෝ නිතරම වගේ අපේ රටට ඇවිල්ලා, අපිට ගහලා, අපේ රට ඇල්ලුවා. කුඩා පාරින්ද, මහා පාරින්ද, චෝල, පාණ්ඩ්‍ය, සේනගුත්තික, එළාර වගේ පාලකයෝ මන්නාරම් තොටෙන් ගොඩබැහැලා ලංකාවේ යම් යම් කොටස් ආක්‍රමණය කළා. රාජධානිය නිරිතදිගට සංක්‍රමණයට පවා බලපෑවේ මේ කාරණාව. අනුරාධපුරයේ පොළොන්නරුවේ රජු ඉන්නකොට, රජුට පහර දීමේ සම්භාවිතාව වැඩි නිසා, අපේ අය ඔටුනුත් අරගෙන, රජ පුටුත් අරගෙන, කසීසළු, පාවඩ සියල්ල අහුලාගෙන දඹදෙණියට එනවා. දැන් අපිට සිද්ධ වෙන්නේ එහෙම වෙන්න. ඒ නිසා අද එදා වගේ නෙමෙයි. අද අපිත් දියුණුයි. ඒගොල්ලොත් දියුණුයි. ලෝකයත් දියුණුයි. මෙතැනදී අපිට කරන්න සිද්ධ වෙන්නේ ඉන්දියාවත් එක්ක යුද්ධ කරන එක නෙමෙයි. අපිට අපේ ආයුධ පාවිච්චි කරලා ඉන්දියාවත් එක්ක හැප්පෙන්න බැහැ. අපිට අපේ බලය පාවිච්චි කරලා හැප්පෙන්න බැහැ. හැබැයි අපිට සිද්ධ වෙනවා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් මේ මොහොතේ සූදානම් වෙන්න. පටි තදකරගන්න. මොකද මේ එන්නේ හොඳ සෙල්ලමකට නෙමෙයි.
විජේ පෙන්නපු හැම චිත්‍රපටයම අපි ආසාවෙන් බැලුවා. විජේ හීරෝ කෙනෙක් කියලා, විජේ වීරයෙක් කියලා අපි අත්පුඩි ගැහුවා. හැබැයි මේ ෆිල්ම් එකේදී නම්, විජේ වීරයෙක් වෙනකොට, දුෂ්ටයෝ වෙන්නේ අපි. විජේ එන්නේ අපිට ගහන්න, අපිව අල්ලන්න, අපිව පාලනය කරන්න, අපිව අයිති කරගන්න. ඒ නිසා මේ ෆිල්ම් එකේ විජේට හීරෝ වෙන්න දුන්නොත්, අපිට වෙන්නේ සීරෝ වෙන්න.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

චාමර කියන ඊළඟ ජනාධිපති! Sri Lanka Latest News

Next Post

‘රනිල් රිමාන්ඩ්’ චිත්‍රපටිය පෙන්වා මිනිස්සුන්ගේ ඇස් වහලා ආණ්ඩුව ඒ දවස් හතරේ ගහපු ගේම දන්නවාද? මුතූර් ඉඩම් අදානිට දෙනවාට විරෝධය පළ කරපු අහිංසක ගොවීන්ට ගැහුවා! ගොවියො 6 දෙනෙක් අත්අඩංගුවට ගත්තා! විදුලි බල මණ්ඩලය කෑලි 4කට කඩලා විකුණුවා! උද්ඝෝෂණය කරන්න හිටපු ඇලහැර ගොවීන්ගේ ප්‍රශ්නය යටපත් කළා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.