මෙවර අලුත් අවුරුදු නැකැත් වේලාවන් මධ්‍යම රාත්‍රියද පසුවී යෙදී තිබීම සම්බන්ධයෙන් ජනතාව තුළ ඒ පිළිබඳ දැඩි කතාබහක් නිර්මාණය වී ඇත. (Sri Lanka Latest News)
එම පසුබිම තුළ නැකැත් වේලාවන් සකස් කළ රාජ්‍ය නැකැත් කමිටුවට විවේචන එල්ලවෙමින් පවතී.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාද නැකැත් කමිටුවේ ක්‍රියාකලාපය විවේචනය කරනු දැකගත හැකිවිය.










