• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්දලා පැකර් ගේනකොට ඊයා! අනුරලා ෂාරුක් ගේනකොට එළ! අනේ හාමුදුරුවනේ මොකක්ද මේ කැසිනෝ ප්‍රශ්නේ? Sri Lanka Latest News

July 8, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අවුරුදු 20කට කැසිනෝ ලයිසන් දෙන ගැසට් එක ගහයි!
Share on WhatsAppShare on Facebook

මෙයට හරියටම වසර 11කට පෙර එනම් 2014 වසරේ මැද භාගයේදී පමණ මෙරට සමාජය තුළ එක්තරා විශාල ගාලගෝට්ටියක් ඇති වූයේය. මෙම කාලය මෙරට රාජපක්ෂ රජය පාලනයේ සිටි සමයයි. මෙරට සිටි විපක්ෂයේ පාර්ශ්ව කිහිපයක්ම යම් උද්ඝෝෂණයක් කොළඹ ස්ථාන කිහිපයකදීම සිදුකරමින් සිටියේය. මෙම අරගලය ඇතිවීමට හේතු වූයේ එකල ශ්‍රී ල ංකාව තුළ ආරම්භ කිරීමට සැලසුම් කළ එක්තරා සුවිශේෂ කැසිනෝ සමාජ ශාලා ව්‍යාපෘතියකට අදාළවය. ලෝකයේ අංක එකේ කැසිනෝ රජා ලෙස විරුදාවලිය ලත් ඔස්ටේ්‍රලියානු බිලියනපති ව්‍යාපාරික ජේම්ස් පැකර් විසින් මෙරට තුළදී එම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ රාජපක්ෂ රජයේ පූර්ණ අනුමැතිය මතය. කොළඹ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පිහිටි සුවිශාල ඉඩමක මෙම ව්‍යාපෘතිය ආරම්භ වීමට නියමිතව තිබුණේ එකල ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක අතිවිශාල ධනස්කන්ධයක්ද යොදවමිනි. Sri Lanka Latest News

මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී මෙම මහා කැසිනෝ ව්‍යාපෘතියට ප්‍රබල ලෙස විරෝධය ප්‍රකාශ කරමින් උද්ඝෝෂණ සිදුකළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන්ට අමතරව එකල එක්සත් ජාතික පක්ෂයද යම් විරෝධතා සිදු කළේය. ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ මෙම ජේම්ස් පැකර් කැසිනෝ ව්‍යාපෘතිය නිසා මෙරට සමාජයට වන බලපෑම් පිළිබඳ දැඩි විරෝධය පළකරමින් තම අරගලය දියත් කළේය. විශේෂයෙන්ම මෙවැනි සූදු ක්‍රීඩා ව්‍යාපෘතීන් නිසා මෙරට ජනතාව පවා සූදුවට ඇබ්බැහි වීමේ හැකියාව වැඩිවීම සහ මෙරට තුළ ගණිකා වෘත්තිය වැඩිවීමද සිදුවිය හැකි බවත්, ඒ හරහා මෙරට ජනතාවගේ පවුල් සංස්ථාවන් බිඳවැටීමද සිදුවන බවත් චෝදනා කළේය. එසේම ජවිපෙ එකල ප්‍රබලව විරෝධතාව දැක්වූ හේතුවක් වූයේ මෙම ව්‍යාපෘතිය නිසා මෙරට සම්පත් සූරාකෑමේ විභවය වැඩිවන බවත්ය. තවද මෙම සුවිශාල ව්‍යාපෘතිය සඳහා වසර 10ක් යන තෙක් විවිධ බදු නිදහස් කිරීමේ පහසුකම්ද එකල රජය විසින් ලබාදී තිබීමද ප්‍රබලතම චෝදනාවක් විය. එසේ වුවහොත් එම විදෙස් ආයෝජකයන්ට මෙරටින් විදෙස් විනිමය ආයාසයකින් තොරව රැගෙන යා හැකි බවටද විරෝධතා දැක්වීය. මෙම අර්බුදකාරී වටපිටාවේදී එකල ජනතා විමුක්ති පෙරමුණ එක හෙළාම ඉල්ලා සිටියේ රාජපක්ෂ රජයට මෙම ව්‍යාපෘතිය ප්‍රතික්ෂේප කරන ලෙසය. එකල එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අනෙකුත් පක්ෂ මන්ත්‍රීන්ද, තවත් සාමාජිකයන් සිය දහස් ගණනක්ද එවිට නොයෙකුත් උද්ඝෝෂණයන් සිදුකළේය. එතැනින් නොනැවතුණු ඔවුන් පාර්ලිමේන්තුව කරාද තම විරෝධය රැගෙන ගොස් වාද විවාදයන්ද සිදුකළේය.

මෙලෙස වසර 11කට පෙර ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන තවත් විපක්ෂ පාර්ශ්ව සිදුකරන ලද අරගලය හේතුවෙන් එම ජේම්ස් පැකර්ගේ කැසිනෝ ව්‍යාපෘතිය නවතා දැමීමට රාජපක්ෂ රජයට සිදුවිය. දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. එකල රාජපක්ෂ රජයට පසුව බලයට පැමිණි යහපාලන රජය යටතේදීද මෙම ව්‍යාපෘතිය සඳහා අවසර නොලැබුණු අතර, එම ව්‍යාපෘතිය වෙනත් රටක් වෙත රැගෙන යෑමට විදෙස් ආයෝජකයන් කටයුතු කළේය. කෙසේ වෙතත් දශකයකට වැඩි දිගු කාලයක් ගෙවී යද්දී අද සිදුව ඇත්තේ කුමක්ද? එනම් පසුගිය කාලයේ වෙනත් විදෙස් කැසිනෝ ආයෝජකයකු එවැනි ආකාරයේම සුවිශාල කැසිනෝ ව්‍යාපෘතියක් මෙරට ආරම්භ කිරීමට කටයුතු කළේය. ඒ අනුව එම මහා සමාජ ශාලා ව්‍යාපෘතිය මෙරට තුළ ඇරැඹීමට සියලු කටයුතු සංවිධාන කෙරී ඇති අතර, තව නොබෝ දිනකින් එය ආරම්භ වනු ඇත. එම මහා ක්‍රියාවලියේ සියලු තොරතුරු මෙම ලිපියේ ඉදිරියෙන් ලියා තබමි. ඊට පෙර මෙම අපූරු රසවත් කතාව වෙත දෙනෙත් හැර බලමු.
මෙවැනි සිදුවීම් දෙස බලන විට අපගේ මතකයට එන්නේ අප ජන සාහිත්‍යයේ ඇති රසවත් උපමාවන්ය.

‘අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයිලු රාළේ…’
‘කන්න ඕනෙ වුණාම කබරයත් තලගොයා වෙනවා…’
‘කල දුටු කල වළ ඉහගන්නවා…’
‘දී කිරට බළල්ලුත් සාක්කිලු…’

දැන් මෙම කතාවේ අපූරු සන්ධිස්ථානයක අප සිටගෙන සිටින්නේය. එය කුමක්ද? එදා මහා කැසිනෝ සමාජ ශාලා ව්‍යාපෘතියට විරුද්ධ වුණු ජනතා විමුක්ති පෙරමුණ අද වෙනත් මහා කැසිනෝ සූදු ව්‍යාපෘතියකට ඉඩ දී ඇත. අද ශ්‍රී ලංකාව පාලනය කරනු ලබන ජාතික ජන බලවේග රජය යනු ජනතා විමුක්ති පෙරමුණම වෙයි. එහි ඇත්තේ අතිශය සියුම් වෙනස්කම් කිහිපයක් පමණි. අද වත්මන් ජාතික ජන බලවේගය පක්ෂයේ මූලික දේශපාලන පක්ෂය වන්නේ ජනතා විමුක්ති පෙරමුණයි. මේ අනුව බලන කල වත්මන් රජය මෙම නවතම කැසිනෝ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මේ වනවිට සියලු පහසුකම් සලසා දී ඇත. තත්ත්වය එසේ වුවද මෙම ව්‍යාපෘතිය සඳහා මූලික අනුමැතිය මුලින්ම ලබාදී තිබුණේ පසුගිය රනිල් වික්‍රමසිංහ ජනාධිපති රජය යටතේය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද ඊට පෙර ජේම්ස් පැකර් හට ශ්‍රී ලංකාවට නොපැමිණෙන ලෙසද ප්‍රසිද්ධ ප්‍රකාශයන් සිදු කළේය. කෙසේ හෝ අද මේ වනවිට සියලු පාර්ශ්වවල විරෝධතා ‘ගඟට ඉනි කපන්නා සේ’ සේදී ගොස් සෑම ක්‍රියාවලියකටම මනාපය ලබාදී ඇත.

තවත් කැසිනෝ රජෙක්

මෙම 2025 අගෝස්තු 02 දා ශ්‍රී ලංකාවේදී විවෘත කිරීමට නියමිත කැසිනෝ සහ අනෙකුත් මිශ්‍ර හෝටල් ව්‍යාපෘතිය ‘සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා’ ලෙසින් නම්කර ඇත. මෙය ලෝක ප්‍රකට සහ ලොව ප්‍රධානතම කැසිනෝ ව්‍යාපාර ආයෝජකයකු වන හොංකොං රාජ්‍යයේ පිහිටා ඇති ‘මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ලිමිටඩ්’ සමාගමේ ව්‍යාපෘතියකි. මෙම මහා ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව තුළ මෙහෙයවීම සහ අධීක්ෂණය සිදුකරනු ලබන්නේ මෙරට ප්‍රධාන ව්‍යාපාරික සමාගමක් වන ‘ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්’ ආයතනය විසිනි. එහිදී ජෝන් කීල්ස් සමාගම සතුව තිබෙන කොළඹ 02 පිහිටා ඇති ‘සිනමන් ලයිෆ් ඉන්ටර්ග්‍රේටඩ් රිසෝර්ට්’ නමැති අතිසුඛෝපභෝගී හෝටල් සහ නේවාසික සංකීර්ණය තුළදී මෙම කැසිනෝ ව්‍යාපෘතිය ස්ථාපිත කෙරෙයි. මෙම සුවිශාල කැසිනෝ ව්‍යාපෘතිය ආරම්භ කෙරෙන ඉහත සුපිරි ස්ථානය ‘සිටි ඔෆ් ඩී්‍රම්ස් ශ්‍රී ලංකා’ ලෙසින් නම්කර ඇත. මේ වනවිට මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් වසර 20ක දීර්ඝකාලීන බලපත්‍රයක් එම ආයෝජකයන්ට ලබාදීමට කටයුතු යොදා ඇත. එසේ මෙම ව්‍යාපෘතිය සඳහා මුලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් ආයෝජනය කෙරෙනු ඇත. එසේම අවශ්‍ය කැසිනෝ යන්ත්‍ර තීරුබදු රහිතව ආනයනය කිරීමටද කටයුතු යොදා ඇත. තවද අපූරු පුවතක් ලෙසින් වාර්තා වන්නේ ශ්‍රී ලංකාව තුළ අලුතින් කැසිනෝ සහ සූදු නියාමන අධිකාරියක්ද පිහිටුවනු ඇතිය.

එන්නේ ෂාරුක්

මෙම අතිසුඛෝපභෝගී කැසිනෝ සහ හෝටල් ව්‍යාපෘතිය විවෘත කිරීමේ සිදුවීමේදී සුවිශේෂ හා ආන්දෝලනාත්මක පුවත ලෙසින් වාර්තා වන්නේ අගෝස්තු 02 දා පැවැත්වෙන උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වන්නේ ඉන්දීය බොලිවුඩ් සුනමාවේ සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන් ලෙස ප්‍රකාශ වීමය. දැනට 59 වැනි වියේ පසුවන ෂාරුක් ඛාන් 2004 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි අතර, එහිදී ඔහු සහභාගි වූ ප්‍රසංගයේ බෝම්බ පිපිරීමක් සිදුව තිදෙනකු මරණයට පත්වී 20ක් පමණ තුවාල ලැබීය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අනුරයි හරිනියි අද එක මේසෙක වාඩිවෙලා ගත්ත තීරණ මොනවාද? PHOTOS I Sri Lanka Latest News

Next Post

මෙන්න හෙළිදරව්වක්! විමල්ලාව කපලා දාන නාළිකාවක මයික් එක පෙන්නලා විමල් හොඳටම කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

Load More
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

තෙල්දෙණිය, පන්විල ප්‍රදේශයේ පිහිටි දියඇල්ලක් නැරඹීමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News මෙසේ...

Read more
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.