‘ගහලා VAT… රටම FLAT…!’ යන තේමාව යටතේ සමගි ජන බලවේගය විසින් ලබන 30 වැනිදා කොළඹදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කොට ඇත.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙසේ ආරම්භ කරනු ලබන ආණ්ඩු විරෝධී අරගලය මැතිවරණයක් දක්වාම අඛණ්ඩව පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කොට ඇති බව දැනගන්නට තිබේ.
ජනතාව පීඩාවට පත් කරන බදු ඉහළ දැමීම, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ දැමීම, ලාබ ලබන රාජ්‍ය ආයතන විකුණා දැමීම, වංචාව, දූෂණය යනාදී වශයෙන් කරුණු රැසක් මුල්කරගෙන මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට නියමිතව ඇත.