යුද්ධයක් සඳහා නේටෝ සංවිධානය සූදානම් බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පහරදීමට තීරණය කරන්නේ නම් තමන්ට අයත් භූමි සීමාවේ සෑම බිම් අගලක් වෙනුවෙන්ම සටන් වැදීමට නේටෝ සංවිධානය සූදානම් බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේය.
කෙසේවෙතත් රුසියාව සමග යුද්ධයකට අවතීර්ණ වීමට නේටෝ සංවිධානය අපේක්ෂා නොකරන බවද අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකාශ කළේය.










