අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සිය තුන්වන කොරෝනා බූස්ටර් එන්නත අද දිනයේදී ලබා ගැනීමට පියවර ගත්තේය.
සිය රටවැසියන් ඒ සදහා පෙළඹවීම පිණිස ජනාධිපතිවරයා එම අවස්ථාව සජීවීව විකාශය කිරීමටද පියවර ගත්තේය.
එමෙන්ම ජනාධිපතිවරයා පළමු එන්නත ලබා ගත්තේද සියලුම රටවැසියන්ට පෙනෙන ආකාරයට ප්‍රසිද්ධියේය.
ලොව බොහෝ රටවල නායකයන් මේ ආකාරයට සිය රටවැසියන්ට පෙනෙන පරිදි එන්නත ලබා ගැනීමට පියවර ගෙන තිබිණ.










