ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට උද්භිද උද්‍යානයේ නිරීක්ෂණ කටයුතු සදහා ගිය අවස්ථාවකදී ගම්වාසීන් පිරිසක් පැමිණ උද්‍යානයේ නිලධාරීන්ට එරෙහිව අමාත්‍යවරයා වෙත විරෝධය පළ කිරීමට පියවර ගෙන ඇත.
එහිදී ගම්වැසියන් අමාත්‍යවරයාට පෙන්වා දී ඇත්තේ තමන්ට හම්බන්තොට නගරයට යාම සදහා ඇති කෙටිම මාර්ගය වසා දැමීමට උද්භිද උද්‍යානයේ නිලධාරීන් විසින් කටයුතු කොට ඇති බවකි.
මීට පෙර උද්‍යානය ආරම්භ කිරීමේදී එසේ පැවැති එක් මාර්ගයක් වසා සැමීමට පියවර ගෙන තිබූ බවද ගම්වැසියන් නාමල් රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇත.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සංවර්ධන කටයුතු සිදු කළ ද ජනතාවට හිරිහැරයක් නොවන පරිදි එම කටයුතු සිදු කරන බවත්, මේ පිළිබද සොයා බලන බවත්ය.










