රටේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන ‘උරුමය’ ජාතික වැඩසටහන අද (05) සිට ආරම්භ කරන බව ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.Sri Lanka Latest News
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එහි ජාතික උත්සවය අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බවයි.
අද ඉඩම් ඔප්පු දොළොස් දහසක් පමණ ප්‍රදානය කිරීමට නියමිත අතර, ලබන 15 වනදායින් පසුව පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.










