• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

පොරොන්දු ඇත ඉටු කරන්න බෑ කියලා බැරිය මලේ…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා‌ විග්‍රහය! I Sri Lanka Latest News

January 11, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
පොරොන්දු ඇත ඉටු කරන්න බෑ කියලා බැරිය මලේ…! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා‌ විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1988 ජනාධිපතිවරණය දිනලා රණසිංහ ප්‍රේමදාස කිව්වේ මට බාරදුන්නේ දෙකොන පත්තු වුණු විලක්කුවක් කියලාය. ඔහු දෙකොන පත්තු වුණු විලක්කුව කීවේ උතුරේ යුද්ධයත්, දකුණේ ජවිපෙ කැරැල්ලත් ගැනය. ඒ වෙලාවේ උතුරේ තිබුණේ යුද්ධයක් නොව විදේශීය හමුදා පාලනයකි. ඉන්දීය සාමසාධක හමුදාව උතුරු-නැගෙනහිර සාමය ඇතිකිරීමට ක්‍රියා කරමින් සිටියේය. 1988 ජනාධිපතිවරණයේදී ප්‍රේමදාස පොරොන්දුවක් දුන්නේය. එනම් උතුරු නැගෙනහිරින් ඉන්දීය සාමසාධක හමුදාව ඉවත් කිරීම, ඉන්දු-ලංකා ගිවිසුම මිත්‍ර ගිවිසුමක් බවට පත්කිරීම, ජවිපෙ සමග සාකච්ඡා කොට දකුණේ සාමය ඇතිකිරීමය.Sri Lanka Latest News

ඒ වෙලාව, ඒ පොරොන්දු කිසිවක් ඉටුකළ හැකි වේලාවක් නොවේ. ඒ වෙලාවේ ඉන්දීය හමුදා ඉවත් කිරීම හීනෙන්වත් හිතන්න බැරි විය. එයට හේතුව ප්‍රභාකරන් ඉන්දු-ලංකා ගිවිසුම පිළිනොගැනීමත්, ඉන්දීය හමුදාව ලංකාවට ආ හේතුව ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ.ය නිරායුධ කිරීමත් වන නිසාය. ඒ අනුව ඉන්දු-ලංකා ගිවිසුමට අනුව එක්කෝ ප්‍රභාකරන් ආයුධ බිම තබන තෙක් හෝ ප්‍රභාකරන් සහ එල්.ටී.ටී.ඊ.ය විනාශ කරන තෙක් ඉන්දීය හමුදාව ලංකාවේ සිටිය යුතුය. ඒ වෙලාවේ මේ දෙකම සිදුවන බවක් පේන්න තිබුණේ නැත. මේ නිසා ඉන්දීය හමුදාව යළි සිය රටට යන දිනයක් සිතාගත නොහැකි විය.

ඉන්දු-ලංකා ගිවිසුම මිත්‍ර ගිවිසුමක් කිරීමට ඉන්දියාව කැමැති විය යුතුය. අස්සන් කරපු ගිවිසුමක් වෙනස් කරන්න ඉන්දියාව එකඟ කරගැනීම ලෙහෙසි නැත.

තෙවැන්න දකුණේ සාමය ඇතිකිරීමය. එයට ජවිපෙ ආයුධ බිම තබන්න එකඟ විය යුතුය. එයට එකඟ වෙන වාතාවරණයක් ඒ වෙලාවේ තිබුණේ නැත. නැත්නම් ජවිපෙ මර්දනය කොට සාමය ඇතිකළ යුතුය. ඒ වෙලාවේ ජේ.ආර්.ගේ ආණ්ඩුව ජවිපෙට එරෙහිව මර්දනය දියත් කළත් එය සාර්ථක නොවීය. මේ නිසා මේ පොරොන්දුවත් ඉටුකරනවා තියා, ඉටුකරනවා කියා හිතන්නවත් බැරි පොරොන්දුවක්ය.

ඒ වෙලාවේ ජවිපෙත් ශ්‍රීලනිපයත් මහජනතාවට කවා තිබුණේ ඉන්දීය හමුදා වහාම ඉවත් කොට ඉන්දු-ලංකා ගිවිසුම අහෝසි කොට රටේ සාමය ඇතිකරන්න ජේ.ආර්.ට, ප්‍රේමදාසට හෝ යූ.ඇන්.පී. ආණ්ඩුවට බැහැ, ඒක කරන්න පුළුවන් ජවිපෙ හෝ ශ්‍රීලනිප ආණ්ඩුවකට කියාය. ඒ තර්කය පිළිගත හැකි තර්කයක් විය. ඉන්දීය හමුදාව ගෙනාවේත්, ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළේත් යූ.ඇන්.පී. ආණ්ඩුවය. ප්‍රේමදාස ඒ ආණ්ඩුවේ අගමැති විය. ඉතින් ප්‍රේමදාස ජේ.ආර්.ගේ ආණ්ඩුවේ ඇමැතිවරු මන්ත්‍රීවරු එක්ක මේ වැඩේ කරයි කියලා මිනිස්සු විශ්වාස නොකරන බව ශ්‍රීලනිපය සහ ජවිපෙ දැන සිටියහ. අනෙක් අතට ජවිපෙ කැරැල්ල පටන්ගත්තේ යූ.ඇන්.පී. ආණ්ඩුවේ වැරැදිවලිනි. ඒ යූ.ඇන්.පී. ආණ්ඩුවම යළි බලයට ගෙනැවිත් ජවිපෙ කැරැල්ල අවසන් වෙයි කියලා මිනිස්සුන්ට හිතන්න පදනමක් නොවීය.

හැබැයි ප්‍රේමදාස දින්නේය. දින්නාට පස්සේ ප්‍රේමදාස මෙහෙම කිව්වේ නැත.

‘ඉන්දීය හමුදාව යවන්න බැහැ. ඉන්දු-ලංකා ගිවිසුම වෙනස් කරන්න බැහැ. ජවිපෙ සාකච්ඡා මේසයට එන්නේ නැහැ. මේ නිසා මැතිවරණයට කලින් දුන්න පොරොන්දු ඉටුකරන්න අමාරුයි…’
ප්‍රේමදාස එහෙම නොකියා ජනාධිපති වූ දින සිට ඔළුව පාවිච්චි කළේ පොරොන්දු ඉටු කරන්නටය. ඔහු දුන්න අනෙක් ඉටු නොකළ හැකි පොරොන්දුවක් වූයේ ජනසවියය. ප්‍රේමදාස අගමැතිකම් කළ ආණ්ඩුවේ මුදල් ඇමැති රොනී ද මෙල් ජනාධිපතිවරණයේදී බණ්ඩාරනායක මැතිනිය දිනවන්න එක්වී කීවේ ප්‍රේමදාසගේ ජනසවියට ලෝක බැංකුව සල්ලි දෙන්නේ නැහැ කියලාය.
ඒත් ප්‍රේමදාස මේ පොරොන්දු සියල්ල ඉටුකරන්න මරාගෙන මැරෙන ගේමක් ගැහුවේය. ඉන්දීය හමුදාව යවාගන්න නම් එල්.ටී.ටී.ඊ.ය සාකච්ඡා මේසයට කැඳවාගෙන දැන් එල්.ටී.ටී.ඊ.යේ ප්‍රශ්නයක් නැහැ, ඒකෙන් ඉන්දීය හමුදාව රටට ගෙන ආපු හේතුව අවසන් වෙනවා කියා ඉන්දියාවට කිව යුතු බව ඔහු දැන සිටියේය. ඔහු කොහොම හරි එල්.ටී.ටී.ඊ.ය සාකච්ඡා මේසයට ගෙන්වාගෙන දැන් ලංකාවට ඉන්දීය හමුදාවෙන් වැඩක් නැහැ කියා ඉන්දියාවට දැනුම් දුන්නේය. වරෙක ඔහු ඉන්දීය හමුදාව ගියේ නැතිනම් තමන් සියදිවි නසාගන්නා බවට ඉන්දීය මහකොමසාරිස්වරයාට තර්ජනය කළේය. ඔහු දමන්න පුළුවන් හැම සෙල්ලමක්ම දමලා ඉන්දීය හමුදාව යැව්වේ ‘ඉන්දීය හමුදා පන්නව්’ කී ජවිපෙත්, ශ්‍රීලනිපයේත් කටවල් වසමිනි.
ඊළඟට ඔහු ඉන්දු-ලංකා ගිවිසුම මිත්‍ර ගිවිසුමක් බවට පරිවර්තනය කරන්න ඉන්දියාව ඒත්තු ගන්වන්න සාකච්ඡා පටන් ගත්තේය.

මේ පොරොන්දු දෙකම ඉටුකරන්න වැඩකරන ගමන් ඔහු ජවිපෙට සාකච්ඡා මේසයට ආරාධනා කළේය.

‘ඔබ ආයුධ අතට ගත් පළමු හේතුව මම නැතිකළා. මාව විශ්වාස කරන්න. මාත් එක්ක සාකච්ඡාවලට එන්න…’

ප්‍රේමදාස ජවිපෙට විවෘතවම කීවේය. ඒත් ජවිපෙ එකඟ වූයේ නැත. ප්‍රේමදාස ජවිපෙ මර්දනය පටන්ගත්තේ ඉන් පසුවය. ඔහු ජවිපෙ මර්දනය කොට දකුණේ සාමය ඇතිකළේ ශ්‍රීලනිපය ඇතුළු විපක්ෂය මවිතයට පත්කරවමිනි.

ඊළඟට ඔහු විවෘත ආර්ථිකයේ මව වන් රොනී ද මැල් කියපු ජනසවියට ලෝක බැංකුව සල්ලි දෙන්නේ නැහැ කී කතාව බොරු කරන්න හොඳම ටීම් එකක් තෝරලා ලෝක බැංකුවේ හිත දිනාගන්න ව්‍යාපෘති වාර්තාවක් හදලා වොෂින්ටනයට යැව්වේය. ලෝක බැංකුව දීර්ඝ අධ්‍යයනයකින් පසු ජනසවියට සල්ලි දෙන්න එකඟ විය. ප්‍රේමදාස ඝාතනය වනවිටත් ඔහු ඉන්දු-ලංකා ගිවිසුම මිත්‍ර ගිවිසුමක් කරගන්න ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටියේය.

ප්‍රේමදාස එදා මේ පොරොන්දු දී බාරගත්තේ අද වගේ රටක් නොවේ. හැම තැනම ගිනි ඇවිළෙන රටකි. රාජ්‍ය ආයතන වහලාය. බස් ධාවනය වන්නේ නැත. පුද්ගලික සමාගම් වහලාය. හැමදාම තුණ්ඩු කැබැල්ලෙන් ඇඳිරිනීතියය. මිනිස්සු ගෙවල් ඇතුළේය. සංචාරකයන් නැත. ආයෝජකයන් නැත. විදේශ හමුදාවක් ලංකාවේ එක කොටසකය. ඒ වෙලාවේ ඉන්දියාව බලවත් රටක් නොවේ. මේ නිසාම විදේශ හමුදාවක් ඉන්නා රටකට උදව් කරන්න අනෙකුත් බලවත් රටවල් මැළි විය.

හැබැයි ප්‍රේමදාස වසරක් තුළ දෙකොන පත්තු වුණු විලක්කුවේ ගිනි නිව්වේය. ඒ නිවන අතරතුර ඔහු ඇඟලුම් කර්මාන්ත 100 වැනි ව්‍යාපෘති පටන්ගෙන කොග්ගල නිදහස් වෙළෙඳ කලාපය පටන්ගෙන තරුණ තරුණියන්ට රැකියා දෙන ගමන් රටේ විදේශ සංචිත ශක්තිමත් කරගත්තේය. දකුණේ අධිවේගී මාර්ගය හදන්න ආසියානු සංවර්ධන බැංකුවේ සල්ලි පාස්කර ගත්තේය. ඔහු දකුණේ අධිවේගය කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයට සම්බන්ධ කරන්න මූලික සැලැස්ම සකස් කොට ඒ සඳහා විදේශ ආධාර ලබාගත්තේය. කණ්ඩලම වැනි හෝටල් හදා සංචාරකයෝ යළි ගෙන්වා ගත්තේය. ගම්උදා හැදුවේය. ඔහු අද ජනාධිපති නම් පළමුව කරන්නේ අයි.එම්.එෆ්. ගිවිසුම වෙනස් කරගැනීමය. ඊළඟට මිත්‍ර රටවලට කතාකොට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලංකාවට වාසිදායක ලෙස වෙනස් කරවා ගැනීමය. බංකොලොත් වූ රටේ අන්ත අසරණ වූ මිනිස්සුන්ට සහන ලබාදීමය. මේ හැම එකක්ම කරන අතරතුර නිදහස් වෙළෙඳ කලාප වැනි මහාපරිමාණ ව්‍යාපෘති සඳහා සැලසුම් සකස් කොට වෙන වෙනම දක්ෂ ටීම් හදා ලෝකේ වටේ යවා ඒ සඳහා විදේශ ආධාර විදේශ ආයෝජන දිනාගැනීමය.

ප්‍රේමදාස උගතෙක් නොවේ. ඉංග්‍රීසි භාෂාව මනා ලෙස හසුරුවා ගන්න පුළුවන් වුවත් ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයකු නොවේ. ලොකුවට ජාත්‍යන්තර සබඳතා ඇති අයෙක්ද නොවේ. හැබැයි ඔහු වෙනස් කරන්න බය නැත. ඔහු අද ජනාධිපති පුටුවට ගියා නම් ඉස්සෙල්ලාම කරන්නේ මුදල් අමාතයාංශයේ ලේකම් ඉවත් කොට මුදල් අමාත්‍යාංශය ශුද්ධ කිරීමත්, මහබැංකු අධිපති ඉවත් කොට මහබැංකුව සියතට ගෙන තමා ජනතාවට දුන් පොරොන්දු ඉටුකරන මුදල් අමාත්‍යාංශයක් සහ මහබැංකුවක් හදාගැනීමය. පොරොන්දු ඉටුකරගන්න බැරිව අසරණ වෙලා ඉන්න අනුරට ඔහුගෙන් උගත හැකි පාඩම් බොහෝය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවේ ගෘහපාලන දෙපාර්තමේන්තුවේ දෙවැනියා ඇතුළු තුනක් ගෙදර යවයි! චෝදනාව පාර්ලිමේන්තු නිලධාරිනියන්ට ලිංගික හිංසා කිරීම!  I Sri Lanka Latest News

Next Post

චීනෙන් අනුරට හිතන්න බැරි විස්මිත තෑග්ගක්! I Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.