කටුනායක සීදූව නගර සභාවේ බල පෙරළියකින් පසු පැවැති එක්සත් ජාතික පක්ෂ පාලනය වෙනුවට සභාවේ බලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට අත්විය.
ඒ අනුව කටුනායක සීදූව නගර සභාවේ සභාපති ධුරයට පළාත් පාලන කොමසාරිස් බස්නාහිර පළාත, ඒ.ඞී.පී.අයි. ප‍්‍රශන්න මහතා විසින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ චමිත් නිශාන්ත ප‍්‍රනාන්දු මහතාව පත් කළේය.
එමෙන්ම එහි උප සභාපතිවරයෙක් තෝරා පත් කිරීම කටුනායක සීදුව නගර සභාවේදී සිදු කෙරුණි.
එලෙස බල පෙරළියකින් අනතුරුව කටුනායක සීදුව නගර සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම සිදුකෙරුණ ද උප සභාපතිවරයකු තෝරා පත්කිරීම පළාත් පාලන කොමසාරිස් බස්නාහිර පළාත, ඒ.ඞී.පී.අයි. ප‍්‍රශන්න මහතා විසින් සිදු කළේය.
මෙදින උප සභාපති ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී හිටපු විපක්ෂ නායක ලලිත් රොහාන් සිල්වා මහතාව පත්කෙරුණි.
ඉන් අනතුරුව කටුනායක සීදුව නගර සභාවේ වත්මන් උප සභාපති ලෙස ශ‍්‍රී ලංකා පොදු පෙරමුණේ මන්තී‍්‍ර ලලිත් රොහාන් සිල්වා මහතා සර්ව ආගමික ආශිර්වාද මැද උප සභාපති ධුරයේ වැඩ බාර ගත්තේය.










