මධ්‍යම අධිවේගී මාර්ගයේ පසුගිය දා සිදුවු මාරක රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ බිරිඳ ද අද (26) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
ඇගේ වියෝවෙන් පුංචි දරු පැටව් තිදෙනා තනිව ඇති අතර, ඒ අනුව මෙම මාරක අනතුරින් මියගිය ගණන තුනක් දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය 18 වනදා සිය කුඩා දරුවන් තිදෙනා සහ බිරිඳ සමග යාපනය, නාගදීපයේ සංචාරයක ගොස් නැවත එමින් සිටිය දී කැලණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගුනේන්ද්‍ර ගයන්ත මහතා ඇතුළු 7 දෙනෙකු ගමන් ගත් වෑන් රථය ලොරියක ගැටී අනතුරට ලක්ව තිබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ දීය.
අනතුර සිදුවු අවස්ථාවේ දීම ගුනේන්ද්‍ර ගයන්ත මහතා ජීවිතක්ෂයට පත්වූ අතර, පසුව වෑන් රථයේ රියදුරු ලෙස ගමන් ගත් ඔහුගේ ඥාති සහෝදරයා වන බිරිඳගේ මල්ලි ද ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්වුණි.
46 හැවිරිදි ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතා ආදරණීය තිදරු පියෙකි.
අනතුර සිදුව තිබුණේ, කුරුණෑගල සිට මීරිගම දෙසට ධාවනය වූ වෑන් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව එම දිසාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක පිටුපස ගැටීමෙන් බව පොලීසිය පැවසීය.
විශ්වවිද්‍යාල සිසු දරුවන් දහස් ගණනකගේ නැණස පාදා ඇති ආචාර්ය ගුනේන්ද්‍ර ගයන්ත මහතාගේ වියෝව කැලණිය සරසවියට මෙන්ම මුළු මහත් ජාතියටම සිදුවු පියවිය නොහැකි පාඩුවකි.










