ශ්‍රී ලංකාවේ පාතාල නායකයකු ලෙස සැලකෙන අතුරුගිරියේ ලඩියා හෙවත් චනෙුක තනන්නායක නැමැත්තා ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ.
පාතාල නායකයකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ සමීපතමයකු වන ලඩියා නොහොත් කොයිම්බතූර් හි අපරාධ අංශයේ පොලිසිය විසින් සෙනසුරාදා දින බැංගලෝරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සෙනසුරාදා රාත්‍රියේ ප්‍රධාන අධිකරණ මහේස්ත්‍රාත් (CJM) M Sanjeevi Baskar වෙත ඉදිරිපත් කර පසුව අධිකරණ භාරයට පත් කළ බව Times of India පුවත්පත වාර්තා කරයි.
ලඩියාට නවාතුන් සැපයූ පුද්ගලයකුද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.