• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්ට වෙන දේ ගම්මන්පිල ටක්කෙටම කියයි! Sri Lanka Latest News

April 21, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් අතරින් සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරු තමයි ඉස්සරහින් ඉන්නේ. ඔබතුමාට හිතෙන විදියට මේ දෙන්නගෙන් කවුද ඉස්සරහින් ඉන්නේ?

ඒ පිළිබඳ මට මතයක් තියෙනවා. නමුත් මම කැමැති නෑ මේ ජනාධිපතිවරණයේදී මගේ සහාය ලබා නොදෙන අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් මතයක් පළකරන්න. මොකද මට තියෙන්නේ විද්‍යාත්මක හැදෑරීමකටත් වඩා මගේ දේශපාලන හැදෑරීම අනුව මට දැනෙන දේ. එහෙම නැත්නම් සමීක්ෂණයක් කරලා හොයාගත්ත එකක් නෙවෙයි. සාස්තරකාරයෝ කියනවා වගේ මා කියූ දෙයක් වැරැදී නැහැ. වාසනාවට හෝ අවාසනාවට මා කියූ අනාවැකි වැරැදිලා නෑ. මම කැමැති නෑ අනවශ්‍ය බලවේග අනවශ්‍ය ලෙස ඉදිමිලා රටට විනාශයක් වෙනවා දකින්න. ඔබේ ප්‍රශ්නයට උත්තරයක් මට තියෙනවා. මම උත්තරය දීමෙන් වැළකී සිටිනවා. මැතිවරණයට කලින් මම ඒක කියනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ මැතිවරණයට ආවේ නැත්නම් හෝ පරාජය වුණොත් ලංකාවේ එක්තරා දේශපාලන පරපුරක අවසානය සනිටුවන් වෙනවා. කාලයක් තිස්සේ ලංකාවේ නායකයෝ වුණේ පරම්පරාවෙන් ඇවිල්ලා, වලව්වලින් ආපු අයනේ. මේ වෙනස්වීම සමහර වෙලාවට හොඳ පැත්තට ගමන් කරාවිද, නරක පැත්තට ගමන් කරාවිද? අපි හිතාගෙන ඉන්නවා දේශපාලන කරපු නැති කෙනෙක් ආවම මේ වැඩේ හරි යයි කියලා. හැබැයි එහෙම හරිගිහින් නැහැ. ඒ නිසා සමහර වෙලාවට ඒ පරම්පරාවලින් ආපු අයගේ තිබ්බ යම් විනයක් ඊළඟ කට්ටියට නැති වෙයිද? ඔබතුමාගේ දැක්ම මොකක්ද ඒ සම්බන්ධයෙන්?
ඔබ කිව්වානේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් නොවුණොත් කියලා. මම ඔබට කියනවා තවත් අනාවැකියක්. රනිල් වික්‍රමසිංහ මහත්තයා අනිවාර්යයෙන් ඉදිරිපත් වෙන්නේ නෑ. ගම්මන්පිල ඔය කියන්නේ බොරු කියලා ජනාධිපතිතුමත් මේ දවස්වල කියනවලු. හැබැයි මම ඉතා විශ්වාසයෙන් කියනවා ඔහු ඉදිරිපත් වෙන්නේ නෑ කියලා. මම කියන්නම් ඒකට හේතුව. 1. මේ මොහොතේ ගත්තත් ආණ්ඩුවේ ජනප්‍රියතාව 20%ට අඩුවෙලා. ඒක තමයි තිත්ත ඇත්ත. ජනාධිපතිවරයාට තමන්ගේ ජනප්‍රියතාව වැඩි කරගත හැකි අවස්ථා 3ක් පහුගිය අවුරුදු එකහමාරේ අපි දැක්කා. මුලින්ම අරගලය සිදුවෙලා නීතියේ අධිපත්‍යය බිහිකිරීමේදී එතුමා එක මට්ටමකින් ජනප්‍රිය වුණා. ඊළඟට තෙල් පෝලිම් ගෑස් පෝලිම් නැතිකරලා ඊළඟ මට්ටමට ජනප්‍රිය වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගිවිසුම අස්සන් කළ වෙලාවේ එතුමාගේ ජනප්‍රියත්වය උච්ච ස්ථානයට ඇවිල්ලා ජුනි මාසේ වෙනතුරු එතුමා තමයි ජනප්‍රියම නායකයා වුණේ. ඒ කාලේ ජනාධිපතිවරණය තියන්න ඉඩක් තිබුණා නම් එතුමා දිනන්න වුණත් ඉඩ තිබුණා. හැබැයි දැන් ආණ්ඩුවේ ජනප්‍රියත්වය පිරිහිලා තියෙනවා. තව මාස 9ක් 10ක් තියෙනවා ඡන්දෙට. ඒ කාලය තුළ මේ ආණ්ඩුව තවදුරටත් පිරිහෙනවා මිසක් ආණ්ඩුව ඉස්සෙන කිසිම හේතුවක් නෑ. මේ දේ වුණාට පස්සේ ආණ්ඩුව ගොඩ යනවා කියන්න බෑ. ඉදිරියට එන්න තියෙන්නේ බඩු මිල වැඩිවෙන්න, අරගල කෙරෙන්න, මිනිස්සු බඩගින්නේ මැරෙන්න, බෙහෙත් නැතුව මැරෙන්න, වෘත්තීය සමිති අරගල ඇවිල්ලා පාරේ සටන් පෙළපාළි ඇතිවෙන්න නියමිත කාලයක්. ආණ්ඩුවට දැන් තියෙන්නේ 20% නම් ඒක ඊටත් වඩා පහළට වැටෙන්න හේතු මිසක් 20%, 30%-40% – 50% වෙන්න කිසිම හේතුවක් ඉදිරියේ නෑ. මම කියන එක වැරැදියි කියලා කවුරු හරි කියනවා නම් ඒ අයගෙන් අහන්න මොකක්ද ආණ්ඩුව ඉස්සෙන්න තියෙන හේතුව? මම මේ කියන්නේ තාර්කික ඉදිරිපත් කිරීමක්.

ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් එයා ප්‍රශ්න 3කට මුහුණ දෙනවා. දැනටමත් එතුමා ලෝක වාර්තාවක් තියනවා වැඩිම වාර ගණනක් මැතිවරණ පරාජය වූ පක්ෂ නායකයා. 21 වතාවක්. එතුමා කොහොම හරි පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරගෙන අල්ලගෙන හිටියා. එතුමාට 21, 22 කරගෙන තමන්ගෙම වාර්තාව අලුත් කරගන්න සිද්ධ වෙනවා.

දෙවැනි කරුණ තමයි, එතුමා ලබන පාර ජනාධිපතිවරණයේදී ලබාගන්න ඡන්ද ප්‍රතිශතය ලෝකයේ තනතුරේ සිටින ජනාධිපතිවරයෙක් ජනාධිපතිවරණයකදී ලබාගත්ත අඩුම ප්‍රතිශතය බවට පත්වෙනවා. තවත් අවුරුදු 100කින් හරි සාමාන්‍ය දැනුම ප්‍රශ්නයකට අහන්න පුළුවන් ලොව අඩුම ඡන්ද ප්‍රතිශතයක් ජනාධිපතිවරණයකදී ලබාගත්ත ජනාධිපතිවරයා කවුද කියලා. ඒකට පිළිතුර තමයි රනිල් වික්‍රමසිංහ කියන එක. එවැනි මතක සටහනක් ලෝකයට ඉතිරි කරලා යන්න එතුමා මෝඩ වෙන්නේ නෑ.

තුන්වැනි කරුණ තමයි, එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් එතුමාට විරුද්ධව තියෙන චෝදනා ඔක්කොම කියලා ගහලා කුණු වෙලා තමයි ගෙදර යන්නේ. එයා ගෙදර යෑම රතිඤ්ඤා දාලා, කිරිබත් කාලා සමරන දෙයක් බවට පත්වෙනවා. හැබැයි එතුමා තනතුරේ අවසාන භාගයට ඇවිල්ලා ජාතිය අමතලා, වැල් පාලමෙන් ලංකාව කියන දරුවා මම එතෙර කළා, අනාගත ජනාධිපතිවරයාට ඉතුරු ටික බාරයි, මම ගෙනාපු තැනින් ඉදිරියට මිසක් පසුපසට ගෙනියන එකක් නෑ කියලා බොහොම වටිනා කතාවක් කරලා, කීප දෙනෙක්ව අඬවලා බොහොම සාමකාමීව නම්බුකාර විදියට ගෙදර යන්න පුළුවන්. යන්න වෙන්නේ ගෙදර යෑම නම්, ගුටි කාලා, මඩ කාලා ගෙදර යනවද, නම්බු පිටින් ගෙදර යනවද වගේ තෝරාගැනීමක් තියෙනකොට. මම එක දෙයක් පිළිගන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ප්‍රතිපත්තිවලට මම එකඟ නැතිවුණාට එතුමා බුද්ධිමත් කියන එක මම පිළිගන්නවා. ඒ නිසා එතුමාට පරාජය නියතයි කියලා පේන මැතිවරණයට ඉදිරිපත් වෙලා සවුත්තු වෙලා ගෙදර යනවා වෙනුවට නම්බුකාර විදියට ගෙදර යනවා. හැබැයි ඕක එතුමා ලබන ජූලි වෙනකල්ම කියන්නේ නෑ. මොකද එතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ කිව්වොත් එතුමාව රැකගන්න අද පාර්ලිමේන්තුවේ කෑගහන මන්ත්‍රීවරු ඔක්කොම එතුමාව අතහරිනවා. එතුමාට ජනාධිපතිකම කරගන්න බැරිවෙනවා. නිලධාරීන් එතුමාගේ තීන්දු අහන්නේ නැතිව යනවා. ඒ නිසා එතුමා අවසාන මොහොත වෙනකල්ම ඕක කියන්නේ නෑ. නමුත් තාර්කිකව බැලුවම ඉතා පැහැදිලියි එතුමා තරග කරන්නේ නෑ. නමුත් මම විශ්වාස කරන්නේ නෑ පවුල් පාලනයට ඉඩ දිය යුතුයි කියලා. රනිල් වික්‍රමසිංහ මහතා සේනානායක – ජයවර්ධන පවුලේ අවසාන පුරුක. මම විශ්වාස කරන්නේ අද රට පුරාම උගත්, දේශපාලන වශයෙන් පරිණත චරිත විශාල ප්‍රමාණයක් ඉන්නවා. ජනතාවට හොඳ තෝරාගැනීමක් තියෙනවා. වැඩවසම්වාදියෙක් විදියට තාත්තා ජනාධිපති වීම, අගමැති වීම කියන කරුණු මත කවුරුවත් තනතුරුවලට එන්න ඕනේ නෑ. කුසලතාව අත්දැකීම් මත මේ තනතුරුවලට අවශ්‍ය අය ජනතාව තෝරාගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. එය රටට හානියක් නෙවෙයි වාසියක් විදියටයි අපි දකින්නේ.

News Center යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

දියතලාව ෆොක්ස්හිල් රේස් එකේදී රථයක් මාර්ගයෙන් ඉවතට පැන නරඹන්නන් අතරට කඩාවදී! පස්දෙනෙක් මරුට! 21කට තුවාලයි! මෙන්න දර්ශන! VIDEO I Sri Lanka Latest News

Next Post

මෛත්‍රීපාල නඩුවලින් බේරෙන්න ශ්‍රීලනිපය විජයදාසට වික්කා! මාසෙකට කලින් අරන් තියෙන්නේ හොර සාමාජිකත්වයක් වෙන්න ඇති! අපිට විජයදාස ගැනත් සැකයි! දුමින්දයි ලසන්තයි ශ්‍රීලනිප මූලස්ථානයේදී සැරටම අමතයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

Load More
නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවට හදිසියක් තිබෙන බවක් පෙනෙන්නට ඇතැයි නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ලබන අවුරුද්දේවත් අඩුවට මාළු කෑල්ලක් කන්න පුළුවන් වෙයිද? අනුර ධීවර අමාත්‍යංශයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවයි! PHOTOS I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.