කොළඹ 05, තුම්මුල්ල, හැව්ලොක් පාරේ ඉදි කිරීමට යෝජිත තට්ටු 40කින් යුතු ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ නිවාස සංකීර්ණය සඳහා නීතියට පටහැනිව අනුමැතිය ලබාදුන් බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් සොයා බැලීමට නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා විසින් එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු නම් කිරීම පිළිබදව මේ වනවිට විශාල සැකයක් අගතියට පත් පාර්ශ්වයන් හට මතුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
එම පාර්ශවයන් චෝදනා කරන්නේ නාගරික සංවර්ධන අධිකාරිය බාර නව අමාත්‍යවරයා වන බිමල් රත්නායක මහතා දූෂණයට කිසිසේත්ම ඉඩ නොදෙන අමාත්‍යවරයකු ලෙස ප්‍රකට බවත්, නව අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විමර්ශන කඩාකප්පල් කිරීමේ අරමුණින් යුතුව නාගරික සංවර්ධන අධිකාරියේ බලධාරීන් විසින් මෙම කමිටුව පත් කොට ඇති බවත්ය.
මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීම සදහා නාගරික සංවර්ධන අධිකාරිය අනුමැතිය ලබා දීමෙන් පසු පළමුව ප්‍රදේශවාසීන් ඊට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වූ අතර පසුව ප්‍රදේශවාසීන් මේ බව දැනුම් දෙමින් ජනාධිපතිවරයාට සහ අගමැතිවරියට ලිපි යොමු කිරීමට කටයුතු කොට තිබිණ.
එම ලිපිවලට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති කාර්යාලය මෙම චෝදනා පිළිබදව වහාම විමර්ශනයක් පවත්වන ලෙසට අදාළ පාර්ශ්වයන් වෙත දැනුම් දීමටද කටයුතු තොට තිබිණ.
එමෙන්ම මේ වනවිට මෙම කටයුතු්තට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයන් වෙත යොමුවීමට ප්‍රදේශවාසීන් තීරණය කොට ඇති අතර දැනටමත් ජනාධිපති නීතීඥවරුන් කිහිප දෙනකුගේ සහාය ලබා ගැනීමට කටයුතු කොට ඇති බවද දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් මුල සිටම අප මව්රට පුවත්පත ඔස්සේත් මව්රටනිව්ස් වෙබ් අඩවිය ඔස්සේත් තොරතුරු වාර්තා කළ අතර අපගේ හෙළිදරව්වෙන් පසු අනෙකුත් මාධ්‍ය මේ සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවධානයක් යොමු කොට ඇති බව දැකගන්නට පුළුවන. එසේ වුවත් ප්‍රධාන මාධ්‍ය පසුගිය කාලයේදී මේ සම්බන්ධයෙන් වාර්තා නොකිරීම සම්බන්ධයෙන්ද බොහෝ දෙනාට සැක මතුවී තිබේ.
මේ වනවිට අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ දිනවල චීන සහ පාකිස්තාන සංචාරයක නිරත වන අතර ලංකාවට පැමිණි වහා අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරනු ඇති බව ප්‍රදේශවාසීන්ගේ මතය වී තිබේ.
නීතිමය තත්ත්වය!

මෙම ව්‍යාපෘතියට යාබදව පිහිටි කොළඹ 05, ‘ක්ලේසන් පෙදෙස’ හි පදිංචි නේවාසිකාවක් වන තුසිතා කුමාර කුලසිංහම් මහත්මිය විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධව ජනාධිපතිවරයාට හා අගමැතිනියට ලිපියක් මගින් දැනුම් දී ඇත. ඇය හෙළිදරව් කර ඇත්තේ නීත්‍යානුකූලව අනුමත විය යුතුව තිබූ සීමාව ඉක්මවා, බලධාරීන්ගේ මැදිහත් වීමෙන් තට්ටු හතළිහක ඉදිකිරීමක් දක්වා අදාළ සමාගමට UDA විසින් අනුමැතිය ලබා දී ඇත්තේ වැරදි ගණනය කිරීම් මත යන්නයි.
• ජනාධිපති කාර්යාලය: පැමිණිල්ල පරීක්ෂා කර බලා ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ අංශ වෙත යොමු කර ඇති බව.

• අග්‍රාමාත්‍ය කාර්යාලය: පැමිණිල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර, අක්‍රමිකතා තිබේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට අදාළ අංශ දැනුවත් කර ඇති බව.











