• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇතුළෙ ඉන්න මහින්දානන්ද‌ගෙයි නලින්ගෙයි අභියාචනා පෙත්සම් ලබන ජනවාරියේ කැඳවන්න ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කරයි! I Sri Lanka Latest News

October 28, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ඇතුළට ගියාට පස්සේ අද සුදු ඇඳගෙන මාංචුත් දාගෙන මහින්දානන්දයි නලින් ප්‍රනාන්දුයි මහාධිකරණයට එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සම් 2026 ජනවාරි 20 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ ය.Sri Lanka Latest News

මෙම අභියාචනා, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (ඔක්තොබර් 28 වැනිදා) කැඳවනු ලැබිණි.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ මෙම නඩුකරයට අදාළ නඩු ගොනු තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව ය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නලින් ලද්දුවහෙට්ටි සහ අලි සබ්රි යන ජනාධිපති නීතිඥවරුන් ද අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරයට අදාළ ගොනු මේ දක්වා තමන්ටද ලැබී නොමැති බව ය.

අනතුරුව ඒ කෙරෙහි අවධානය යොමු කළ අගවිනිසුරුවරුයා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල අදාළ ගොනු කඩිනමින් පෙත්සම්කාර අභියාචක පාර්ශවයට හා අල්ලස් කොමිසමට ලබාදෙන ලෙස අධිකරණ නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.

ඉන් අනතුරුව මෙම අභියාචනා පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා 2026 ජනවාරි මස 20 වනදා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියම කළේ ය.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී සිරගතව සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු බන්ධනාගාර නිලධාරීන් විසින් විවෘත අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14000ක් සහ දාම් ලෑලි 11000ක් ආනයනය කර එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ දේශපාලන කාර්යාල වලට බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 53කට අධික මුදලක් රජයට පාඩු සිදු කිරීම හරහා දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම ගොනු කළ නඩුවකට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් වරදකරු කෙරුණු හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හට බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවම් සහ හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 25ක් සිර දඬුවම් නියම කර තිබිණි.

එම දඩුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍යවරු මෙම අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

SendShareShare
Previous Post

වැලිගම සභාපතිට වෙඩි තියපු වෙඩික්කරු අල්ලගෙන පොලිසිය මහරගම පාර මැද කරපු ප්‍රශ්න කිරීම වීඩියෝ කරලා සමාජ මාධ්‍යට දාපු විදිහ හොයන්න පොලිස්පතිගෙන් විශේෂ පරීක්ෂණයක්! I Sri Lanka Latest News

Next Post

තුම්මුල්ලේ තට්ටු 40ක ‘හෝම්ලෑන්ඩ් පෙන්ටාරා’ මහල් නිවාසයට අවසර දීම ගැන හොයන්න UDA එකෙන් කමිටුවක්! ජනාධිපති-අගමැති-ඇමැති බිමල් නොමග යවන්න හදන බවට ලොකු චෝදනාවක්! බිමල් ආ හැටිය ගන්න හදන තීන්දුව වළක්වන්න කරන වැඩක්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

Load More
Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව තුළ දුම්කොළ පාලනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධානතම නීතිමය රාමුව වන 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ...

Read more
ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.