ජීවත් වීමට අපහසු බව කියමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මැති ඇමතිවරු සහ ආසන සංවිධායකවරු 12ක් පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී රැකියා අවස්ථා ලබාදෙන ලෙස ඉල්ලා ඇත.
පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඇතිවී තිබෙන පීඩාවට මුහුණ දීම සඳහා රාජ්‍ය සංස්ථා සහ අනෙකුත් ආයතනවල සභාපති, ක්‍රියාකාරී අධ්‍යක්ෂ වැනි තනතුරු තමන්ට ලබාදෙන ලෙස මෙම පිරිස මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන් එසේ මහින්ද රාජපක්ෂ හමුවීමට හේතුවී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයා අගමැති ධුරය දරන සමයේ පටන් මේ දක්වා තමන් සිදුකළ කිසිදු ඉල්ලීමක් ඉටුකිරීමට ඔහු කටයුතු නොකිරීම බවද ඔවුන් මහින්ද රාජපක්ෂ වෙත දන්වා ඇත.
ඒ අනුව මෙලෙස තනතුරු ඉල්ලා පැමිණි එජාප ක්‍රියාකාරීන් කීපදෙනකුට සංස්ථාවල ඉහළ තනතුරු යෝජනා කර, ඒ බව ජනාධිපතිවරායට දැනුම් දී ඇතැයි ද සඳහන්.
වත්මන් රජයේ සියලු තනතුරු වරප්‍රසාද සහ වරදාන සම්බන්ධව අවසන් තීන්දුව මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ විසින් ලබාගන්නා බවත්, වත්මන් ජනාධිපති විසින් සිදුකරන්නේ එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම පමණක් බවත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
lankasara










