වව්නියාව හොරොව්පතාන මාර්ගයේ කෝවිල්කුලම් ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ඩිෆෙන්ඩර් රථයක් අයාලේ යන ගවයකුගේ ගැටි සිදු වූ අනතුරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් දෙදෙනකු මියගොස් තවත් 05 දෙනකු තුවාල ලබා ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.Sri Lanka Latest News
අනතුරින් මියගොස් ඇත්තේ කුරුණෑගල කුඹුක්වැව පදිංචි පොලිස් කොස්තාපල් (27287) හේරත් මුදියංසේලාගේ හසිත දිනේෂ් මධුසංඛ සහ මැදවච්චිය දුම්රිය නගරය පදිංචි පොලිස් කොස්තාපල් (38778) යාපාමුදියන්සේලාගේ සුපුන් ප්‍රදීපන නැමති වවුනියාව , මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කළ විශේෂ කාර්ය බලකා සෙබලුන් දෙදෙනෙකි.
වව්නියාව මඩුකන්ද පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අයත් මෙම ඩිපෙන්ඩර් රථය මඩුකන්ද සිට වව්නියාව දෙසට ගමන් කරමින් සිටියදී කෝවිල්කුලම් ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ.
ගවයාගේ ගැටුණු ඩිපෙන්ඩර් රථය මාර්ගය අසල තාප්පයක්ද කඩාගෙන රථය පෙරලී ගොස් ඇති බව පොලීසිය පවසයි.
අයිතිකරුවන් විසින් හරක් ගාල් නොකිරීම හේතුවෙන් මෙම මාර්ගයේ මීට පෙරද අවස්ථා කීපයකදී සිදු වූ අනතුරු හේතුවෙන් මරණ සහ තුවාල සිදුවීම් ගණනක් වුවද ගවයින් පාලනය කිරීමට බලධාරීන් හෝ ගව අයිතිකරුවන් කිසිදු පියවරක් ගෙන නොමැති බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.










