බේරුවල, ගාලු පාර, හෙට්ටිමුල්ල වදකහවෙල ප්‍රදේශයේ නිවසක විවාහක කාන්තාවක් නයිලෝන් වර්ගයේ කඹයකින් ගැටගසා ඝාතනය කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලිසිය සමඟ කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීහු විමර්ශන සිදු කළහ. (Sri Lanka Latest News)
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ බේරුවල, ගාලු පාර, හෙට්ටිමුල්ල, වදකහවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ති ඇලෙක්සැන්ඩ්‍රා ජයසිංහ (75) නමැති විවාහක කාන්තාවක බව පොලිසිය පැවසීය.
නිවසේ ආරක්ෂක කැමරා පද්ධතිය ද එම ඝාතනය සිදුවී ඇතැයි කියන 07 වැනිදා රාත්‍රියේ ක්‍රියාත්මක වී නැතැයි ද පොලිසිය කියයි.
මියගොස් ඇති කාන්තාවගේ ස්වාමියා කලකට ඉහත මියගොස් ඇති අතර එකම පුත්‍රයා ඉන්දියාවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රැකියාව කරන්නකු බවත් ලේලිය කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් මියගිය කාන්තාව මෙහෙකාර පුද්ගලයා සමඟ නිවසේ ජීවත්ව සිට ඇති බවත් පොලිසිය පවසයි.
දින හතරකට පෙර මෙහෙකරු නිවාඩුවට ගොස් 07 වැනිදා නිවසට පැමිණ ඇති බවත් මේ වන විට එම මෙහෙකරු මෙම නිවසින් අතුරුදහන්ව ඇති බවත් පරීක්ෂණ සිදුකරන බේරුවල පොලිසිය අනාවරණය කරගෙන තිබේ. මෙම මරණය ඝාතනයක් බවත් පොලිසිය කීය.
gossiplankanews










