ජලය පිරුණු අනාරක්ෂිත වළකට වැටීමෙන් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකි.
මෙම සිසුන් එල්ලේ තරගයක් සඳහා වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණය වෙත ගොස් ඇති අතර එම තරගයෙන් අනතුරුව මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තාවෙයි.
එම ක්‍රීඩාංගණය ආසන්නයේ පිහිටි අනාරක්ෂිත ජලය පිරුණු වළකට වැටී 14 සහ 15 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුන් දෙදෙනා මියගොස් ඇත.
මියගිය පාසල් සිසුන් දෙදෙනාගේ සිරුරු ගොඩගෙන ඇති අතර මෘත ශරීර වවිනියාව රෝහලේ තැන්පත් කර තිබේ.
පූවරසන්කුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.










