මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළද සැලකට අද (12) අළුයම ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සිටි සේවිකාවකට වෙඩි තබා මුදල් පැහැර ගෙන ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.Sri Lanka Latest News
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ වෙළද සේවිකාව හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේදී එම වෙළදසැලෙහි ගිණුම් කටයුතු සිදු කරන සේවිකාව සහ එක් සේවකයකු පමණක් රැදී සිට ඇත.
වෙළද සැලෙහි දෛනික කටයුතු අවසන් කර එහි ගිණුම් සේවිකාව නිවසට ඇරලවීම සදහා වෙළදසල් හිමිකරුට දුරකතන ඇමතුමක් ලබා දී විනාඩි කිහිපයක් ඇතුලත යතුරු පැදියකින් ගිනි අවියක් රැගෙන කොල්ලකරුවන් දෙදෙනා වෙළදසැලට පැමිණ මුදල් කොල්ලය සිදුකර ඇතැයිද පොලිසිය පවසයි.
මීගොඩ පොලිස් මුරපෙල පෙනෙන මානයේ තිබෙන මෙම වෙළදසැලෙහි මංකොල්ලය සිදු වී විශාල වේලාවක් යනතුරු කිසිදු පොලිස් නිළධාරියකු අදාල ස්ථානය වෙත පැමිණ නොමැති නිසාවෙන් ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයන්ට විශාල ඝෝෂාවක් සිදු කර පොලිස් නිළධාරීන් ගෙන්වා ගැනීමට සිදු වූ බව මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ සේවකෙයා් පවසති.










