ප්‍රවෘත්ති වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ප්‍රකාශන මාධ්‍යයන් ලෙස නොපිළිගන්නා බව ගම්පහ අධිකරණ සංකීර්ණයේ රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු පවසා තිබෙනවා. Sri Lanka Latest News
වෙබ්අඩවි සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය සඳහා අධිකරණ කටයුතු වාර්තා කිරීමට අවස්ථාව ලබා නොදීමට හැකියාව ඇති බවයි ගම්පහ අධිකරණ සංකීර්ණයේ රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් 82026 ඩබ්ලිව්.ඒ.එස්.පී. කුමාර පවසා ඇත්තේ.
ඔහු ඒ බව ප්‍රකාශ කර තිබෙන්නේ ශානි අබේසේකර මහතා නිදහස් කළ නඩුව ආවරණය කිරීම සඳහා ගම්පහ අධිකරණ සංකීර්ණය තුළට ගිය අදාළ මාධ්‍යවේදීන්ට යි. පොලිස් කොස්තාපල් 77925 එම්.ආර්.ඒ.එන්. අබේරත්න නමැති තවත් අයෙකු ප්‍රකාශ කර තිබුණේ ජනමාධ්‍යවේදීන් නම් නිතරම ජනමාධ්‍ය හැඳුනුම්පත මාධ්‍යවේදියාගේ බෙල්ලේ එල්ලාගෙන සිටිය යුතු බවයි. එලෙස බෙල්ලේ එල්ලාගෙන නොසිටින පිරිස් සහ වෙබ්වල වැඩකරන පිරිස් ජනමාධ්‍යවේදීන් නොවන බවයි ඔහු දැනුම් දී ඇත්තේ.
මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් සහ ඔවුන් දෙදෙනාගේ අපකීර්තිදායක හැසිරීම සම්බන්ධයෙන් ගම්පහ වැඩ බලන කොට්ඨාස භාර පොලිස් අධිකාරී චින්තක පෙරේරාට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් අධිකාරීවරයා විසින් ගම්පහ බාර සහකාර පොලිස් අධිකාරීවරයාට ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා.
ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ජූලි 28 වැනිදා ගිය Voice TV මාධ්‍යවේදියකුට ද පොලිසිය මේ ආකාරයට පවසා ඇති අතර ප්‍රධාන මාධ්‍යවල මාධ්‍යවේදීන් අධිකරණ සංකීරණ භූමියේ සිටියදී එම මාධ්‍යවේදියාට පමණක් අධිකරණ සංකීර්ණයෙන් පිටතට යන ලෙස දැනුම්දී තිබුණා.