• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජින්තුපිටියේ වෙඩි තැබීමේ සිද්ධියට පොලිස් නිලධාරීන් දෙන්නෙකුත් අත්අඩංගුවට අරන්! පොලිසිය ඇප දෙන්න එපා කියලා ඉල්ලද්දී අධිකරණය ඇප දෙයි! I Sri Lanka Latest News

February 17, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය. Sri Lanka Latest News

පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීම සඳහාත් සෙසු නිලධාරීන්ට ආදර්ශයක් දීම සඳහාත් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලිසිය සිය බී වාර්තාවෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියත් එවැනි නියෝග නිකුත් කිරීමට ඇප පනත යටතේ ප්‍රතිපාදන නොමැති බව ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ අතිරේක මහේෂ්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ සැකකාර පොලිස් කොස්තාපල්වරයා සහ සැරයන්වරයා රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පසුගියදා ජින්තුපිටිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීම
වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මෙම පොලිස් සැරයන්වරයා හා කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කළ බවය.

සිද්ධිය වූ අවස්ථාවේදී මොවුන් ජංගම මුර සේවාවේ නිරතව සිටි බවත් පොලිසිය පැවසුවේය.

මොවුන් අදාල අපරාධයට ආධාර අනුබල දී තිබේ දැයි වැඩිදුර විමර්ශන සිදු කරන බවත් පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව මොවුන්ට ඇප නියම කිරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බවත් පැවසීය. 

සැකකරුවන්ගේ දුරකථන ඇමතුම් විස්තර වාර්තා ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින්ට පොලිසිය විසින් එල්ල කරන චෝදනා පැහැදිලි නොමැති බව සඳහන් කළේය.

මොවුන් අදාල අපරාධයට ආධාර අනුබල දීමක් සිදු කර නොමැති බවත් එවැනි චෝදනාවක් එල්ල කිරීමට නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් දැනුමක් තිබිය යුතු බවත් නීතිඥවරු පෙන්වා දුන්නේය. 

එහෙත් එවැනි දැනුමක් තිබූ බව පොලිසිය විසින් ඔප්පු කර නොමැති බව පෙන්වා දුන් නීතිඥවරු සිය සේවාදායකයින්ට ඇප නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය.

පසුගියදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ද සිටි බව පෙන්වා දුන් එම නීතිඥවරු මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඒ සියලු දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් පෙන්වා දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔවුන් ඇප මත මුදා හරින ලෙස නියෝග මහේස්ත්‍රාත්වරයා ඉන් අනතුරුව මෙම පැමිණිල්ල අප්‍රේල් මස 27 වනදා යළි කැඳවන ලෙසද නියෝග කළේය.

SendShareShare
Previous Post

මන්ත්‍රී පෙන්ෂන් එක ඉවරයි! දෙවැනි වර කියවීමෙනුත් සම්මතයි! I Sri Lanka Latest News

Next Post

ජනතාවට බදු ගහන්න..! පුරපතියට සැප විඳින්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.