අද පෙරවරුවේ පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණෙමින් සිටියදී එහි මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දී ජංගම දුරකතන පවා ලබා ගැනීමේ සිදුවීමක් වාර්තා වේ.
මෙසේ පහර දී ඇත්තේ විද්‍යුත් මාධ්‍ය නාළිකා මාධ්‍යවේදීන් දෙදෙනකු වන ප්‍රගීත් පෙරේරා සහ කසුන් සමරවීර යන දෙදෙනාය.
මෙසේ මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දී ඇත්තේ අම්පාරේ ඩී. වීරසිංහ සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් දෙදෙනා බව දැනගන්නට තිබේ.
මෙහිදී මන්ත්‍රීවරුන් දෙදෙනා ‘කෝ උඹලා තමයි රට ගිනි තිබ්බේ.’ යැයි කියමින් ඔවුන් දෙදෙනාට මරණීය තර්ජන එල්ල කොට ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් පසුව පොලිසිය පැමිණ සිද්ධිය සමතයකට පත්කර ඇති නමුත් මාධ්‍යවේදීන් දෙදෙනා ඒ සම්බන්ධයෙන් පොලිසිය වෙත පැමිණිලි කොට ඇති බව දැනගන්නට ඇත.










