නියෝජ්‍ය කතානයාකවරයා ලෙස අද පැවැති රහස් ජන්දයෙන් අජිත් රාජපක්ෂ මහතා තේරී පත් විය.
ඔහුට ජන්ද 109ක් ලැබුණු අතර විපක්ෂයේ රෝහිණී කවිරත්නට ලැබුණේ ජන්ද 78 කි.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පළමු ජන්දයෙන්ම ආණ්ඩුවට 113ක බහුතරය අහිමි වී තිබීමය.
එමෙන්ම පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද රෝහිණී කවිරත්න මහත්මියට ජන්දය දී තිබීම විශේෂිතය.










