ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ දී ජපන් ගුවන් සේවයට අයත් ජෙට් යානයක් එරට වෙරළාරක්ෂක බලකායට අයත් ගුවන් යානයක ගැටීමෙන් වෙරළාරක්ෂක ගුවන් යානයේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබේ. (Sri Lanka Latest News)
එම යානයේ නියමුවා දිවි බේරාගෙන ඇතත්, බරපතල තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය රූපවාහිනය වන NHK අනාවරණය කළේය.
ජපන් ගුවන් සේවයට අයත් යානය ටෝකියෝ හි හනේඩා ධාවන පථයට ගොඩබස්වන විට එය ගැටී ඇත්තේ, ජපානයට බලපෑ ප්‍රබල භූචලනයෙන් විපතට පත්ව සිටින ජනතාවට ආහාර රැගෙන යමින් තිබූ එරට වෙරළාරක්ෂක බලකායට අයත් යානයක බවට විශ්වාස කෙරෙයි.
ජපන් ගුවන් සේවයට අයත් යානයේ සිටි පුද්ගලයින් 379 දෙනා නිරුපද්‍රිතව යානයෙන් ඉවත් කර ගෙන තිබේ.
www.bbc.com/sinhala










