රුපියල් මිලියන 7.5ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට පත්වූ අය අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ද සිටින බවය.
එම පිරිස මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, ග්‍රෑම් 510ක් වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟින්ය.
මේ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800ක් සමග කටාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු බ්ලුමැන්ඩල් පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය අප්‍රේල් මස 10 වනදා සිට කටාන පොලිස් ස්ථානයේ සිට සීදුව පොලිස් ස්ථානයට වෙත ස්ථාන මාරුවීම් ලබා ඇති නමුත් සේවයට වාර්තා කර නොමැති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.
පොලීසිය විසින් සැකකරු ගමන්ගත් යතුරුපැදිය නවත්වන ලෙසට සංඥා කර තිබිය දී නොනවත්වා ඉදිරියට ගමන් කර ඇති අතර, එහිදී ලුහුබැඳ ගොස් සැකකාර පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂා කර ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, ඔහු කලක සිට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.