• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටම විනාශ කරන මේ වගේ උන්ට මොනවද කරන්න ඕන? කොල්ලො දෙන්නෙක් උණවටුනේදී ජර්මන් සංචාරකයන් පස්සේ පන්නන් ඇවිත් ගහලා! ජර්මන් කෙල්ල බයවෙලා කෑගහන හැටි බලන්න! VIDEO I Sri Lanka Latest News

September 21, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ මේ වනවිට කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරේ.Sri Lanka Latest News

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව 2025 ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන 1,656,916 කි.

මේ වසරේ විදෙස් සංචාරකයින් මිලියන 3 ඉලක්කය සාක්ෂාත් කරගැනීම බලධාරීන්ගේ අරමුණ වේ.

කෙසේවෙතත් එම සුබවාදී අපේක්ෂා බොඳ කරමින් විදෙස් සංචාරකයින්ට පහරදීමේ සහ හිරිහැර සිදුකිරීමේ අවස්ථා රැසක්ම මෙරට සංචාරක කලාපවලින් පසුගිය සමයේ වාර්තා විය.

එහි ආසන්නතම සිදුවීම ඊයේ වාර්තා වුණේ උණවටුන ප්‍රදේශයෙනි.

උණවටුන සංචාරක හෝටලයක සාදයක සිටි යුවළ තුනකින් සමන්විත ජර්මන් ජාතික සංචාරකයන් 6 දෙනෙකු සහ ලාංකිකයින් දෙදෙනෙකු අතර ඊයේ රාත්‍රියේ බහින්බස් වීමක් සිදුව තිබේ.

අනතුරුව ජර්මන් සංචාරකයින් පිරිස යතුරුපැදි දෙකකින් සහ ත්‍රිරෝද රථයකින් එම හෝටලයෙන් පිටව ගොස් තිබුණි.

ඒ අතරවාරයේ බහින්බස් වීමට සම්බන්ධ වූ ලාංකිකයින් දෙදෙනා මෝටර් රථයකින් සංචාරකයින් පසුපස හඹාවිත් ඔවුන්ගේ මඟ හරස් කර විදෙස් සංචාරකයින්ට පහර දී තිබේ.

පහරකෑමට ලක්වූ ජර්මන් ජාතිකයින් සිද්ධිය සම්බන්ධයෙන් උණවටුන සංචාරක පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පැයක් ගතවන්නට මත්තෙන් සංචාරකයින්ට පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හබරාදුව පොලිසිය වෙත භාරදී තිබේ.

සැකකරුවන් පහරදීමට පැමිණි මෝටර් රථය ද එහිදී පොලිස් භාරයට ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට පත්වුණේ අවුරුදු 25 සහ 26 වයස්වල පසුවන රූමස්සල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඔවුන් ද සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන් බව පොලිසිය පැවසුවේය.

සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පහරකෑමට ලක්වූ සංචාරකයින් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

කෙසේවෙතත් විදෙස් සංචාරකයින්ට එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන් ද විරෝධය පළ කළේය.

විවිධ අවස්ථාවල , විවිධ කාරණා වෙනුවෙන් ලාංකිකයින් සහ විදෙස් සංචාරකයින් අතර බහින්බස්වීම් ඇතිවූවත්, ඔවුන්ට පහරදීම කිසිලෙසකින්වත් අනුමත කළ නොහැකිය.

මෙවන් සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වීමෙන් සිදුවන්නේ ලොව සුන්දරතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රකට ශ්‍රී ලංකා සන්නාමයට තව තවත් කළු පැල්ලම් එකතු වීමය.

SendShareShare
Previous Post

නුවර වැව් රක්ෂිතය මනින්න ගිහින් අවුල් ගොඩක්! අනුරාධපුරේ ගිය සජිත් වට කරගෙන ජනතාව ඉඩම් ප්‍රශ්න කියයි! විසඳුම සජිත් පෙන්වා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

ඔස්ට්‍රේලියාව තමයි හරියටම කළේ…! Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.