චැනල් අයි නාලිකාව සිය අනුමැතිය සහිතව මසකට මිලියන 25ක මුදලකට ලයිකා මොබයිල් සමාගමට බදුදීමට පියවර ගත් බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News
තමා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද එවැන්නකට කැබිනට් අනුමැතියක් අවශ්‍ය නොවන බවට ප්‍රකාශ වූ නිසා තමන් එය ඉවත් කරගත් බවද ඒ මහතා කියා සිටියේය.
මීට පෙර විපක්ෂනායකවරයා මෙන්ම ජවිපෙ හිටපු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාද මේ බව රටට අනාවරණය කරමින් චැනල් අයි නාලිකාව ලයිකා මොබයිල් සමාගමට පවරා ඇති බව කියා සිටියේය.