හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව ඝාතනය කිරීම සඳහා නැවත වරක් උත්සාහයක් ගෙන ඇති බව වාර්ථා වෙයි.Sri Lanka Latest News
විදෙස් මාධ්‍ය සඳහන් කළේ ෆ්ලොරිඩා හී පිහිටි ඔහුගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියේදී එම උත්සාහය ගෙන ඇති බවයි.
නමුත් එහිදී හිටපු අමෙරිකානු ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුව නොමැති අතර ආරක්ෂක නිලධාරීන් විසින් සැකකරුවෙකු යැයි සැලකිය හැකි පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
අමෙරිකානු බලධාරීන් පවසන්නේ සැකකරු සතුව රයිෆලය ක් තිබූ බවයි.










