• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ගේ යුද්ධය! ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගවලට විනිසුරුවන් තිදෙනකු එරෙහි වෙයි! අවස්ථා තුනකදී පැවරූ නඩු තුනකින් ට්‍රම්ප් පරාජයට පත්වෙයි! ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත්වීමටත් අස්සන් තබයි! ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව චීනයෙන් 25%ක තීරුබදු ඇමෙරිකාවට! Sri Lanka Latest News

February 9, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ජනාධිපති ධුරයේ වැඩ භාරගත් දිනයේදීම විවිධ ජනාධිපති විධායක නියෝග රාශියක්ම පැමිණවූවා. මෙයින් එක් විශේෂිතම නියෝගයක් තමයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජන්ම අයිතිය පිළිබඳ පුරවැසිභාවය අවසන් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය. ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම විධායක නියෝගය ඉතා අමුතු එකක්. එසේම එය මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී එකක්. ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ දිගුකාලීන අර්ථකථනයක් යටතේ එක්සත් ජනපදය තුළ උපත ලබන ඕනෑම කෙනකුට පාහේ ස්වයංක්‍රීයව පුරවැසිභාවය ලබා දෙනවා. නීති විරෝධී ලෙස හෝ තාවකාලිකව හෝ රට තුළ සිටින මවුපියන්ට උපදින දරුවන් සඳහා එම නීතිය අවසන් කිරීමට ට්‍රම්ප් බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය මගේ මනස අවුල් කර තිබෙනවා. ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම විධායක නියෝගය වහාම තාවකාලිකව අත්හිටුවීමට මම මෙහිදී නියෝග කර සිටිනවා…’ Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන බැරෑරුම් අධිකරණ කතාන්දරය? පසුගියදා මෙම වතගොත අපට අසන්නට ලැබුණේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. ඇමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගියදා පනවනු ලැබූ එක්තරා ප්‍රබල නියෝගයකට එරෙහිව ඇමෙරිකාවේ ෆෙඩරල් විනිසුරුවරයකු විසින් මෙම නියෝගය ලබාදී තිබිණි. එනම් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජන්ම අයිතිය පිළිබඳ පුරවැසිභාවය අවසන් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් උත්සාහය මේ වනවිට එක්සත් ජනපද දිස්ත්‍රික් අධිකරණයේ ප්‍රධාන විනිසුරු ජෝන් කොගෙනෝර් විසින් තාවකාලිකව තහනමකට ලක්කර ඇත. මෙම විනිසුරුවරයා පසුගියදා මිනිත්තු 25ක නඩු විභාගයකින් පසුව මෙම තහනම් නියෝගය නිකුත් කළේය. එනම් එමගින් ජනාධිපති නියෝගය බලාත්මක වීම තහනම් කෙරිණි. මෙම සුවිශේෂ නඩු විභාගයේ තර්ක විතර්ක අතරතුර විනිසුරු ජෝන් කොගෙනෝර් විසින් ට්‍රම්ප් පරිපාලනයේ ට්‍රම්ප් කණ්ඩායම නියෝජනය කරන නීතිඥයකුගෙන් තදබල ලෙස අසා සිටියේ මෙම විධායක නියෝගය කෙටුම්පත් කරන විටදී ‘නීතිඥයන් සිටියේ කොහේද?’ යනුවෙනි. එහිදී නීතිඥයන් මෙම නියෝගය ව්‍යවස්ථානුකූල බවට සිදුකළ ප්‍රකාශයේදී ප්‍රධාන විනිසුරුවරයා එම නීතිඥයාට තදබල ලෙස තරවටු කළේය. ‘මගේ මනස අවුල් කරන්න එපා’ යැයි විනිසුරුවරයා ඔහුට තරවටු කළේය. මෙම නඩුවේදී විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය මගින් එක්සත් ජනපද නීතියට අනුව එක්සත් ජනපදයේ උපත ලැබූ පුද්ගලයන්ට ස්වංක්‍රීයව පුරවැසිභාවය ප්‍රදානය කරන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත්ය.

මෙලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ ප්‍රබල විධායක නියෝගයකට මෙසේ අධිකරණය හරස් වී තිබීම මුළුමහත් ලොවම ආන්දෝලනයකට පත්කරන සිදුවීමක් විය. මෙම වටපිටාවේදී බොහෝ පාර්ශ්ව චෝදනා කර සිටියේ ජනාධිපතිවරයාගේ බොහෝ නියෝගයන් ඔහු ඒකපාර්ශ්විකව ගනු ලැබූ තීන්දු තීරණ බවයි. ඉහත ජන්ම පුරවැසිභාවය අහෝසි කිරීමට ඔහු ගත් තීරණයට එරෙහිව ඇමෙරිකාවේ ප්‍රාන්ත හතරකින් නීතිමය පාර්ශ්ව නඩු හබයට බැස තිබිණි. එහිදී ඉහත ප්‍රධාන විනිසුරුවරයා තම නියෝගය ලබාදීමත් සමග අධිකරණයෙන් පිටතදී වොෂිංටන් ප්‍රාන්ත නීතිපති නිකලස් බ්‍රවුන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී රැස්ව සිටි පොදු ජනතාව තීන්දුවට සහාය දක්වමින් ප්‍රීති ඝෝෂා නැගූහ.

දැන් ඔබ මෙම කතාන්දරයේ යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේ යැයි සිතමි. පසුගියදා බලයට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගන්නා ලද ප්‍රබල තීරණ නොහොත් ජනාධිපති නියෝගයන් ගණනාවක්ම මේ වනවිට යම් අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති ආකාරය දැකිය හැකිය. එනම් එහි සුවිශේෂ වගතුග වන්නේ එම නියෝගයන්ට එරෙහිව ප්‍රධාන ෆෙඩරල් විනිසුරුවරුන්ද කිහිප දෙනකු අධිකරණ නියෝගයන් ප්‍රකාශයට පත්කර තිබීමය. ඇමෙරිකානු ජනාධිපතිවරයාට කොතරම් විධායක ජනාධිපති බලතල තිබුණද ෆෙඩරල් අධිකරණයට ඊටත් වඩා බලතල තිබෙන ආකාරය මෙහිදී දක්නට හැකිය. මෙම වටපිටාවේදී බොහෝ පාර්ශ්ව චෝදනා කර සිටියේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමහර නියෝගයන් ඇමෙරිකාව අඳුරුතම පරිච්ඡේදයකට නැවත ගෙන එන බවයි.

මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී පසුගියදා නැවත වරක් ආරංචි වූයේ තවත් සුවිශේෂ පුවතකි. එනම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගියදා ගත් තවත් ජනාධිපති නියෝගයකට එරෙහිව වෙනත් ෆෙඩරල් විනිසුරුවරයකු තහනම් නියෝගයක් පනවා ඇත. විවිධ පාර්ශ්ව සඳහා මූල්‍යමය ප්‍රදාන සහ අනෙකුත් වැඩසටහන් සඳහා ගෙවීම් නවත්වා දැමීම සඳහා ට්‍රම්ප් පරිපාලනය දරන උත්සාහයන් මෙම අධිකරණ නියෝග මගින් තාවකාලික තහනමකට ලක්කරනු ලැබීය. ප්‍රාන්ත 22ක සහ කොලොම්බියා දිස්ත්‍රික්කයේ ඩිමොක්‍රටික් නීතිපතිවරයා විසින් ගොනුකරන ලද නඩුවකින් මෙම තීන්දුව ලබාදී තිබිණි. ෆෙඩරල් ප්‍රධාන විනිසුරු ජෝන් ජේ. මැක්කොනෙල් විසින් මෙම අධිකරණ නියෝගය ලබාදී තිබිණි. ජනාධිපති නියෝගයේ පුළුල් ව්‍යාකූලත්වයට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් පරිපාලනය විසින් කරන ලද ප්‍රකාශ සමාලෝචනය කිරීමෙන් පසුව තමා මෙම නියෝගය ලබාදුන්නේ යැයි ඉහත විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත. දැනට මෙම නියෝගයට අනුව නඩුවට පක්ෂව සිටි ප්‍රාන්ත 22කට මෙන්ම කොලොම්බියා දිස්ත්‍රික්කයටද ෆෙඩරල් ඩොලර් ප්‍රදානයන් අත්හිටුවීම සිදුකෙරෙයි. මෙම නඩුව මෙහෙයවීමට අදාළව කටයුතු කළ නිව්යෝර්ක් ප්‍රාන්ත නීතිපති ලෙටිටියා ජේම්ස් මෙසේ අදහස් ප්‍රකාශ කර තිබිණි. ‘ජනාධිපතිවරයාගේ මෙම කුරිරු ප්‍රතිපත්තිය නැවැත්වීම සඳහා නඩු පැවරීමේදී මම නීතිපතිවරුන්ගේ සන්ධානයකට නායකත්වය දුන්නා. අද අපි එම තීරණය නැවැත්වීමට අධිකරණ නියෝගයක් දිනාගත්තා. ජනාධිපතිවරයාට ඒකපාර්ශ්විකව කොංග්‍රස් වියදම් කැපවීම් නතර කිරීමට නොහැකියි. මෙය නීති විරෝධී කප්පාදුවක්…’ යැයි පැවැසීය.

ඉහත දෙවැනි විනිසුරුවරයාගේ නියෝගය පනවා දින දෙකක් යන්නට මත්තෙන් තවත් ප්‍රාන්ත විනිසුරුවරයකු විසින් ජනාධිපතිවරයාගේ නියෝගයට එරෙහිව නියෝගයක් පනවන ලදී. ෆෙඩරල් මූල්‍ය ප්‍රදානයන් සහ ණය සහන නවත්වා දැමීමට එරෙහිව මෙම නඩුවද විභාග කෙරිණි. එනම් මෙය දින 10ක් පමණ කෙටි කාලයක් තුළදී තෙවැනි විනිසුරුවරයකුගේ නියෝගය බවට පත්විය. ප්‍රාන්ත ප්‍රධාන විනිසුරුවරයකු වන ලොරේන් එල්. අලිකාන් නමැති විනිසුරුවරිය විසින් මෙම නියෝගය ලබාදී තිබිණි. ඇයගේ නියෝගයට අනුවද ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක කිරීම තාවකාලික තහනමකට ලක් කළේය. මෙතෙක් කාලයක් මෙලෙස රාජ්‍ය ආධාර ප්‍රදානයන් ලබාගත් ලාභ නොලබන සංවිධාන කිහිපයක් විසින් මෙම නඩුව ගොනුකර තිබිණි. මේ ආකාරයට අධිකරණ විනිසුරුවරුන් විසින් ලබාදුන් නියෝගයන්ට අනුව මේ වනවිට ජනාධිපති තීරණය තාවකාලිකව අත්හිටුවීම සිදුකර ඇත.

මෙලෙස ඇමෙරිකාවේ ප්‍රධාන විනිසුරුවරුන් තිදෙනකු විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විධායක නියෝගවලට එරෙහිව පමුණුවනු ලැබූ නියෝග මේ වනවිට ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකර ඇත. මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී ආරංචි වූයේ තවත් සුවිශේෂ පුවතකි. එනම් පසුගියදා ඇමෙරිකානු ජනාධිපතිවරයා තමාගේ නියෝගයන් ප්‍රකාශයට පත් කරද්දී යාබද කැනඩාවට සහ මෙක්සිකෝවට එරෙහිව 25%ක තීරුබදු නියෝගයක් පැමිණවීමයි. මෙම නියෝගය හේතුවෙන් මෙම යාබද රටවල් දෙක මහත් අර්බුදයකට මුහුණ දුන්නේය. මෙය එම රටවලට එරෙහිව පනවනු ලැබූ තර්ජනාත්මක තීරුබදු ක්‍රමවේදයක් ලෙසට යම් පාර්ශ්ව විසින් හඳුන්වා දී තිබිණි. මෙහිදී මෙක්සිකෝවෙන් සහ කැනඩාවෙන් ඇමෙරිකාවට අපනයනය කරනු ලබන භාණ්ඩ සඳහා මෙම 25%ක දැඩි තීරුබදු ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට ට්‍රම්ප් නියෝගය යටතේ පියවර ගැනිණි. මෙම තීරණය හේතුවෙන් එම දෙරටට දැඩි අසාධාරණයක් සිදුවන බව ප්‍රකාශ වූ අතර, මෙක්සිකෝවේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් සහ කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ මේ තත්ත්වයට එරෙහිව ඇමෙරිකානු ජනාධිපතිවරයාට අදහස් ඉදිරිපත් කළේය. කෙසේ හෝ මේ අනුව ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ නියෝගය දින 30කට අත්හිටුවීමට කටයුතු කළේය. මෙම නියෝගය පැනවීමේදීම ජනාධිපතිවරයා චීනයට එරෙහිවද 25%ක තීරුබදු පැනවීමට කටයුතු කළේය. මෙහිදී තමන්ගේ රටට ඇමෙරිකාව විසින් සහනයක් ලබා නොදීම හේතුවෙන් චීනයේ රාජ්‍ය පරිපාලනය විසින් මේ වනවිට ඇමෙරිකාවට එරෙහිව 15% සහ 10% වශයෙන් භාණ්ඩ සඳහා ප්‍රතිවිරුද්ධ බදු පැනවීම සිදුකර ඇත. එහිදී චීනය පැවැසුවේ ගල්අඟුරු සහ ස්වභාවික ද්‍රව වායු නිෂ්පාදන සඳහා 15%ක තීරුබද්දක් මෙන්ම, ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන බොරතෙල්, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ සහ විශාල එන්ජින් සහිත මෝටර් රථ සඳහා 10%ක තීරුබද්දක්ද ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට තවත් විවිධ රටවලටද මෙලෙස විවිධාකාරයෙන් බදු පැනවීම් සිදුකර ඇත. එසේම ඔහු පසුගියදා සිදුකළ තවත් ප්‍රබල ප්‍රකාශයකින් කියැවුණේ නුදුරු දවසක යුරෝපීය සංගමයේ රටවලටද වැඩි තීරුබදු පැනවීම සිදුකරන බවයි. මෙවැනි තත්ත්වයක් යටතේ ආර්ථික සහ දේශපාලනික විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම දඩබ්බර ප්‍රතිපත්ති හේතුවෙන් ලොව තුළ වෙළෙඳ ආර්ථික යුද්ධයක් උද්ගත වන බවයි.

මෙවැනි වටපිටාවකදී තවත් සුවිශේෂ පුවතක් ලෙසින් වාර්තා වූයේ ලෝකයේ රටවල් 100කට අධික ප්‍රමාණයකට මූල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර සපයන ‘යූඑස්ඒඩ්’ (US AID) සුවිශාල සංවිධානයේ කටයුතුද ට්‍රම්ප් නියෝගය මත නවතා දැමීමය. මේ අනුව එම සංවිධානයේ ඇමෙරිකාවේ සහ අනෙකුත් රටවල පිහිටුවා තිබෙන කාර්යාල සියල්ලක්ම වසාදමා ඇති අතර, ඒවායෙහි සේවකයන් අනිවාර්ය නිවාඩු මත පිහිටුවා ඇත. එහිදී මෙයට පැය කිහිපයකට පෙර ආරංචි වූයේ ශ්‍රී ලංකාවේ පිහිටි US AID කාර්යාලයද වසාදැමුණු බවයි. මේ අනුව දැනට එම සංවිධානයේ සේවකයන් 10,000ක් පමණ නිවාඩු යවා ඇත. මෙහිදී නීති පාර්ශ්ව ප්‍රශ්න කර ඇත්තේ කොංග්‍රෂයෙන් නිසි උපදෙස් ලබා නොගෙන ජනාධිපති ට්‍රම්ප්ගේ ඒකපාර්ශ්වික තීරණයකට මෙවැන්නක් සිදුකළ හැකිද යන්නයි. මේ අනුව දැනට දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇත. පසුගිය සමයේදී ලෝකයේ පැවැති යුදමය වාතාවරණයන් සහ වසංගත රෝග වාතාවරණයන්වලදී US AID ආයතනය මානුෂික ආධාර ලබාදීම හරහා විශාල මෙහෙවරක් ඉටුකර ඇත.


ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙලෙස ගෙන තිබෙන දරදඬු නියෝගයන් අතරින් ඉතා ආන්දෝලනාත්මක තීන්දුවක් ගැනද තතු ආරංචි විය. එනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත් කරගැනීමට ඔහු නියෝගයක් ලබාදී ඇත. එම සංවිධානය මගින් නුසුදුසු ජාතීන්ට රැකවරණය ලබාදෙන බවත්, ඊශ්‍රායලය කෙරෙහි නොනවතින පසමිතුරුකම් පෙන්වන බවට චෝදනා කරමින් ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රබල තීරණය ගෙන ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලොකු හාමුදුරුවන්ව නයාගෙන් බේරගන්න තමන්ගේ ජීවිතය පූජා කරපු පන්සලේ චූටි මැණිකේ! Sri Lanka Latest News

Next Post

අනුර රටට කියපු හමුදාවෙන් පන්නපු ආයුධ 73 කතාව මෙන්න මේකයි! Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.