• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොකු හාමුදුරුවන්ව නයාගෙන් බේරගන්න තමන්ගේ ජීවිතය පූජා කරපු පන්සලේ චූටි මැණිකේ! Sri Lanka Latest News

February 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලොකු හාමුදුරුවන්ව නයාගෙන් බේරගන්න තමන්ගේ ජීවිතය පූජා කරපු පන්සලේ චූටි මැණිකේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ ලිපියෙන් අද ඔබට කියන්නේ හරිම සංවේදී කාරණාවක් ගැන. ඒ තමයි විහාරස්ථානයක සුරතලයට ඇතිකළ සුනඛයකු, හදිසියේම එම විහාරස්ථානයේ ආවාස ගෙය තුළට පැමිණි නාගයකු මරාදමා, විහාරාධිපති හිමියන්ගේ ජීවිතය බේරාගැනීම. එහෙත් නාගයාගේ දෂ්ට කිරීම හේතුවෙන් සුරතල් සුනඛයාද මියගොස් තිබෙනවා. අපි මේ සංවේදී කතාව ගැන කියන්න පාදක කරගන්නේ Travel Trinco යූටියුබ් නාලිකාවේ පළවූ වීඩියෝවක්. ඉතින් Travel Trinco චැනලය එම සංවේදී සිදුවීමට මුහුණ දුන් මැදගම පන්සලේ විහාරාධිපති හිමියන් සමග කරපු සාකච්ඡාව හරහා ඔබට මේ කතාව අරගෙන එන්නම්. Sri Lanka Latest News

Travel Trinco
මැදගම පන්සලේ නායක හාමුදුරුවෝ සුරතල් බල්ලෙක් ඇතිකළා. ඒ බල්ලා නායක හාමුදුරුවන්ගේ ජීවිතේ බේරගන්නවා. මේක හරිම සංවේදී සිදුවීමක්. හේතුව, හාමුදුරුවෝ වැඩඉන්න කාමරයට නයෙක් ඇතුළු වෙනවා. එතකොට ඒ සුරතල් බල්ලා නයා සමග පොරබදලා, හාමුදුරුවන්ට ඒ කිට්ටුවටවත් යන්න නොදී උන්වහන්සේගේ ජීවිතේ ආරක්ෂා කරගන්නවා. තිරිසන් සතෙක් වුණත්, තමන්ගේ ජීවිතේ පරදුවට තියලා හාමුදුරුවන්ගේ ජීවිතේ බේරගෙන තියෙනවා. අපි හාමුදුරුවන්ගෙන්ම ඒ සිදුවීම ගැන අහලා බලමු.

විහාරාධිපති ස්වාමින්වහන්සේ
මෙයා පන්සලට ඇවිල්ලා දැනට අවුරුදු 6ක් වෙනවා. මෙයාව ගෙනාවේ කොළඹ ප්‍රදේශයෙන්. ඒ කාලය තුළ මාව ළඟින්ම ඇසුරු කළා. මම ලංකාව පුරාම ආගමික ස්ථාන වන්දනා කරන්න වැඩම කරලා තියෙනවා. ඒ යන හැම ගමනකටම මේ සතාත් මාත් එක්ක ගියා. එයාව දාලා යන්න විදියක් නෑ. එයා කොහොම හරි වාහනේට නගිනවා මාත් එක්ක යන්න. ඒ වගේම හැමදාම උදේ 5.30 වෙද්දී මේ සතා බුදුන් වඳිනවා. හවස 6.30ටත් බුදුන් වඳින සතෙක්. උදේ 5.30ටත් මාත් එක්ක බුද්ධ පූජාව තියන්න යන සතෙක්. දවල් 11ටත් මාත් එක්ක බුද්ධ පූජාව තියන්න යන සතෙක්. මම පන්සලේ නැති වෙලාවට කිසිම ආහාරයක් මෙයා ගන්නේ නෑ. ඒ තරම් මට ළෙන්ගතුයි. බොහොම ළඟින්ම හිටිය මගේ දරුවෙක් හා සමානව මට ආදරය කරපු, රැකවරණය දීපු සතෙක්.

ඊයේ සවස 4ට විතර අපේ ආවාස ගේ ඇතුළට විෂඝෝර නයෙක් ඇවිල්ලා තියෙනවා. නමුත් මම දැක්කේ නැහැ. මම ඒ වෙලාවේ දාන ශාලාවේ භාජන සෝදමින් හිටියේ. කවදාවත් නැති ලොකු ශබ්දයක් ආවාස ගේ පැත්තෙන් ඇහුණ නිසා මම විපරම් කරලා බැලුවා. බලනකොට බල්ලා මාව හපන්න පැන්නා. කවදාවත් එයා එහෙම කරලා නැහැ මීට කලින්. ඒ මට මොකක් හරි අනතුරක් වෙයි කියලා මම එතැනට එන එක වළක්වන්නයි එයා මට හපන්න පැන්නේ. මම ආවාසගෙයි තියෙන පුටුවකට නැගලා ඒ පැත්ත බැලුවා. නමුත් වෙනත් සතෙක් පේන්න හිටියේ නෑ. එතකොටම නාගයෙක් පිඹින සද්දේ ඇහුණා. නමුත් මට හොයාගන්න බැරිවුණා. ටික වෙලාවක් යනකොට එතැන තියෙන ලී පෙට්ටියක් ඇතුළෙන් පිඹින සද්දේ ඇහුණා. මම ඒ පෙට්ටිය සාලෙට ඇදගෙන ආවා. එතකොටම නයාගේ වල්ග කොටස එළියට ආවා. එතකොටම බල්ලා පැනලා නාගයාව අල්ලගත්තා. ඌව හපලා මැරුවා. ඊට පස්සේ නාගයාව අරගෙන මිදුලට ගියා. මගේ ජීවිතේ බේරගන්න තමයි එයා එහෙම කළේ.

මට තේරුණා බල්ලාට නයා දෂ්ට කරලා ඇති කියලා. මම ඉක්මනටම බල්ලව කන්තලේ පශු වෛද්‍ය කාර්යාලයට අරගෙන ගියා. එතැනදී සතාව බේරගන්න ලොකු උත්සාහයක් දැරුවා. විශාල මුදලකුත් වැය කළා. නමුත් බල්ලාව බේරගන්න බැරිවුණා. ඊට පස්සේ ඌව මල් ශාලාවට අරගෙන ගිහින් අවසන් කටයුතු සඳහා බාරදුන්නා.
මේ බල්ලට මම ‘චූටි මැණිකේ’ කියලා නම දාලා තියෙන්නේ. ඇත්තටම මෙයා මගේ ආරක්ෂකයෙක්ම තමයි. දායකයෙක් ඇවිල්ලා මට වඳිනකොට වුණත් එයා ඇවිල්ලා ඉව කරලා බලනවා. කාටවත් කරදරයක් කරන්නේ නැහැ. පොඩි ළමයින්ට හරිම ආදරේ සතෙක්. මේ අවුරුදු 6ක කාලයේදී කිසිම කෙනකුට උගෙන් කරදරයක් වෙලා නෑ. පන්සලේ ඉන්න කුකුළෝ බල්ලෝ වගේ වෙනත් කිසිම සතෙකුට කරදරයක් නෑ. නමුත් පිටස්තර බල්ලන්ට එන්න දෙන්නේ නෑ.

සාමාන්‍ය මනුස්සයෙක් මැරුණාම අවසන් ගෞරව දක්වන විදියටම මම ‘චූටි මැණිකේ’ වෙනුවෙන් අවසන් ගෞරව දක්වන්න කටයුතු සූදානම් කළා. මට ඒ සතා කරපු උපකාරය වෙනුවෙන්, දක්වන කෘතවේදීතාවක් විදියට මට කරන්න පුළුවන් උපරිම දේ මම කළා. වෙනමම පෙට්ටියක් හදවලා, චූටි මැණිකේව ඒකේ තැන්පත් කරලා ගමේ අයට අවසන් ගෞරව දක්වන්න ඉඩ හදලා දුන්නා. ඒ වගේම චූටි මැණිකේ වෙනුවෙන් ආගමික වතාවත් සියල්ලම මහාසංඝරත්නය වැඩමකරවලා ඉටුකරන්නත් මම සූදානම් කරලා තියෙනවා.

මනුෂ්‍ය ජීවිතයක් බේරාගන්න, තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා කටයුතු කරපු පිනෙන් මේ සත්වයාට උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

Travel Trinco යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

මේ අර්බුදය මොකක්ද? දඩිබිඩි ගාලා හිටි හැටියෙම සභාපතිවරු ආණ්ඩුව දාලා යන්නේ ඇයි? Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ගේ යුද්ධය! ජනාධිපති ට්‍රම්ප්ගේ නියෝගවලට විනිසුරුවන් තිදෙනකු එරෙහි වෙයි! අවස්ථා තුනකදී පැවරූ නඩු තුනකින් ට්‍රම්ප් පරාජයට පත්වෙයි! ට්‍රම්ප් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඇමෙරිකාව ඉවත්වීමටත් අස්සන් තබයි! ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව චීනයෙන් 25%ක තීරුබදු ඇමෙරිකාවට! Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.