අමෙරිකාවේ 47 වැනි ජනාධිපතිවරයා ලෙස තේරීපත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දී තිබේ.ඡන්දෙ දිනලා සමාජ මාධ්‍යයට ගහන අපේ නායකයන්ට ට්‍රම්ප් පාඩමක් උගන්වයි! Sri Lanka Latest News
දිවුරුම් දීමට අදාළ නිල උත්සවයේ කටයුතු වොෂින්ටන් හි කැපිටල් වන් එරීනා ගොඩනැගිල්ලේදී පැවැත්විණ.
අමෙරිකානු සම්ප්‍රදාය අනුව පදවිප්‍රාප්තිය පැවැත්විය යුත්තේ කැපිටල් ගොඩනැගිල්ල ඉදිරිපිට වුවත් පවතින අධික ශිත කාලගුණය සලකා මෙවර එය ගෘහස්ථ ස්ථානයක පැවැත්වීම විශේෂත්වයකි.
ට්‍රම්ප් දෙවැනි වරට ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව වෙනුවෙන් අමෙරිකානු හිටපු ජනාධිපතිවරුන්, විදෙස් රාජ්‍ය නායකයින් මෙන්ම ඊලෝන් මස්ක් ඇතුළු දැවැන්තයින් ද ආරාධනා ලැබ සිටීයහ.
දිවුරුම් දීමේ උත්සවයේදී පළමුව, උප ජනාධිපතිවරයා වශයෙන් ජේ. ඩී. වෑන්ස් දිවුරුම් දුන් අතර ඒ අනුව ඔහු ඉතිහාසයට එක්වන්නේ එරට 50 වැනි උප ජනාධිපතිවරයා ලෙසයි.
කෙසේවෙතත් ට්‍රම්ප් පවසා තිබුණේ අමෙරිකාවේ ටික්ටොක් තහනම් කිරීමට කටයුතු නොකරන බවත්,තමන්ගේ ජයග්‍රහණයට ටික්ටොක් මාධ්‍ය විශාල රුකුලක් වූ බවත්ය.










