බැංකු ගණුදෙණුකරුවෙකුගේ ගිණුමකින් රුපියල් මිලියන 77.98ක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තලාහේන ශාඛාවට අනුයුක්තව සේවය කළ සම්පත් බැංකුවේ හිටපු නිලධාරීන් පස් දෙනෙකුට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනම් කළේය.Sri Lanka Latest News
සම්මානලාභී පාරම්පරික වෛද්‍යවරයකු වන කැළුම් හර්ෂ කමල් වීරසිංහ මහතාගේ (බැංකු ගිණුම් හිමියාගේ) අවසරයකින් තොරව රුපියල් මිලියන 77.98ක මුදලක් වංචා කර ඇති බවට කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර තිබුණි.
ලක්නා ජයසේකර (පළමු නිලධාරියා), තනුජා මුතුකුමාරණ (හිටපු කළමණාකරු), අරුණ ජිනදාස (හිටපු ප්‍රාදේශීය කළමනාකාරිනිය), ගයනි විදානපතිරණගේ (ලිපිකරු) සහ හිරන්ත කොඩිකාර (ශාඛා ණය නිලධාරි) යන බැංකු නිලධාරීන් පස්දෙනාට අධිකරණය විදේශ ගමන් තහනම් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා නීතිඥ සචින්ත රුද්‍රිගු මහතා සමඟ පෙනී සිටියේය.










