උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර දුම්රිය ගමනාගමනය නැවත ආරම්භ කිරීමත් සමඟ අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා ප්‍රතිසංස්කරණය කරන ලද කොටස අද (15) සිට මහජනතාවට විවෘත වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. (Sri Lanka Latest News)
අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා වසා දමා තිබූ අතර, ඉන්දීය ණය ආධාර මත එම කටයුතු අවසන් කර තිබේ.
පැයට කිලෝමීටර් 100ක වේගයකින් දුම්රිය ධාවනයට ඉඩ සලසමින් මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය 2019 වසරේ ආරම්භ කරන ලදී.
එය 2022 නොවැම්බර් මාසයේදී නිම කිරීමට නියමිතව තිබුණි.
මහව සහ ඕමන්ත අතර දුම්රිය මාර්ගයේ දුර කිලෝමීටර් 127කි. ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.27ක් ඇස්තමේන්තු කර ඇත.
ඒ අනුව යාල්දේවි, උදයදේවි සීඝ්‍රගාමී දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය අද සිට ක්‍රියාත්මකයි.
lankasara










