විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළ අනාවරණයෙන් පසු කොරෝනා රෝගය උත්සන්න වී නියුමෝනියා තත්ත්වයට පත්වන අසාධ්‍ය රෝගීන්ට ලබා දෙන ටොසිලිසුමාබ් ඖෂධය ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අදාළ ඖෂධ තොගය අනිද්දා දින සිංගප්පූරුවේ සිට ගෙන්වීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා සදහන් කොට තිබේ.