• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටොම් ඇන්ඩ් ජෙරි හෙවත් අනුර සහ වෘත්තීය සමිති! Sri Lanka Latest News

March 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ටොම් ඇන්ඩ් ජෙරි හෙවත් අනුර සහ වෘත්තීය සමිති! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොඩි කාලෙ බලපු ටොම් ඇන්ඩ් ජෙරී කියන පූසාගෙයි මීයාගෙයි කාටුන් එක ඔයාලට මතක ඇති. එහෙමත් නැත්නම් අර පැස්බරා වගේ කුරුල්ලෙක් දුවනවා, ඌ පස්සෙන් නරියෙක් පන්නන රෝඩ් රනර් ෂෝ එක මතකද…? Sri Lanka Latest News

අපි පුංචි කාලේ කට ඇරගෙන බලාගෙන ඉන්නවා මීයාව දැන් අහුවෙයි දැන් අහුවෙයි කියලා. සමහර වෙලාවට මීයා අහුවුණා වගේ ඉන්නවා. සමහර වෙලාවට ඇත්තටම මීයා අහුවෙනවා. එතකොට ගෙදර නෝන මහත්තයා හරි ඇවිල්ලා මීයා බේරාගන්නවා.

කාලයක් ගිහින් ලොකු වෙනකොට අපි තේරුම් ගන්නවා මේ කාටූන් එකක් විතරයි, උන් ඔක්කොම අපිට පැය භාගෙක විතර චූන් එකක් දෙන්න ආපු එවුන් විතරයි කියලා.
අන්න ඒ ටොම් ඇන්ඩ් ජෙරී වගේ තමයි අනුරගෙ ආණ්ඩුවයි වෘත්තීය සමිතියි. දැන් වර්ජනය කරයි වගේ ඉන්නවා, කල් දානවා. බලාගෙන ඉන්න එවුන්ට පොඩි ස්වයං චූන් එකක් දෙනවා.

ලංකාවේ වෘත්තීය සමිති කියන්නෙත් මාෆියාවක් තමයි. මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ආණ්ඩු මාරුවුණා කියලා මගේ ඒ මතය වෙනස් වෙන්නෙ නෑ.
සාධාරණ වෘත්තීය අයිතිවාසිකම්, ඉල්ලීම් සහ වෘත්තීය සමිති කියන්නේ මේ රටේ දෙකක්. මේ වෘත්තීය සමිති මාෆියාවේ ආධිපත්‍යය එදා ඉඳන්ම දැරුවෙ වාමාංශික පක්ෂ. වසර 76ක ශාපයක් ගැන කතා කරනවා නම් මේ වාමාංශික වෘත්තීය සමිති ව්‍යාපාරයත් ඊට සෑහෙන ප්‍රමාණයකින් වගකියන්න ඕනෙ.

පහුගිය දශක කිහිපයේම මේ රටේ රෝගීන්ගේ, මගීන්ගේ, ශිෂ්‍යයන්ගේ සාමාන්‍ය ජන ජීවිතය කණපිට ගැහුවෙ මෙන්න මේ වෘත්තීය සමිති මාෆියාව. මේ වෘත්තීය සමිති මාෆියාව නිසා වෘත්තිකයන්ගේ සාධාරණ අයිතීන් උදෙසා කරන වෘත්තීය සටන්වලට පවා රටේ සාමාන්‍ය ජනතාව වෛර කරන්න පටන් ගත්තා. වාතයක් ගියත් වර්ජන, උද්ඝෝෂණ කරන තුට්ටු දෙකට මේ රටේ වෘත්තීය සමිති වැටුණා. කොවිඩ් වසංගතයෙන් මිනිස්සු මැරිලා වැටෙනකොට පවා මේ වෘත්තීය සමිතිකාරයො තුප්පහි විදියට පාරට බැස්සා.
ඉතිහාසය පුරාම බොහෝ විට වෘත්තීය සමිති සටන් කියලා තිබ්බෙ ආණ්ඩු විරෝධී, ආණ්ඩු වට්ටවන සටන්. කවුරු කැමැති වුණත් කවුරු අකැමැති වුණත් ඒක තමයි ඇත්ත.
ඉතිහාසයේ පළමු වතාවට රට අරාජික කරන්න, රට වට්ටවන්න, රට කාලකණ්ණි කරන්න වෘත්තීය සමිති මෙහෙය වූ කණ්ඩායමක්ම බලයට පත්වෙලා තියෙනවා. ඒක දෛවයේ සරදමක්.

මේ ආණ්ඩුව බලයට ඇවිත් මාස හයක් යන්නත් කලින් මේ රටේ ඉන්න සෑම වෘත්තිකයකුටම ඇරියා. (මම වෘත්තිකයො කියලා අදහස් කරන්නෙ වෘත්තීන් කරන හැමෝම. සමහරු වෘත්තීන් කියන්නේ දොස්තර, ඉංජිනේරු, කථිකාචාර්ය, මහාචාර්ය වැනි ඉහළ බමුණු කුලේ වෘත්තීන්ට විතරයි)

අනුරලාට බලයට එන්න ත්‍රීවිල් වෘත්තිකයො තමන් හම්බකරගෙන කන ත්‍රීවිල් එක පවා අනාචාරයේ යෙදෙව්වා. රාජ්‍ය සේවකයො තමන්ගෙ සේවය ගණිකා වෘත්තියේ යෙදෙව්වා. සමහර රජයේ සේවකයො අනුරගෙ රැස්වීම්වලට ආවේ සතියෙ වැඩ කරන කාලසීමාවෙ තමන්ගෙ නිල ඇඳුමෙන්. ඒ අවම වෘත්තීය සදාචාරය පවා වෘත්තීය සමිති පිළිපැද්දෙ නෑ.

පසුගිය කාලෙ කරළියේ රඟපාපු ස්ටාලින් හැර ලාල්කාන්ත, මහින්ද ජයසිංහ, නලින්ද ජයතිස්ස, නලින් හේවගේ, වසන්ත සමරසිංහ, නාමල් කරුණාරත්න ඇතුළු එකී මෙකී නොකී හැමෝම දැන් පාර්ලිමේන්තුවෙ ඇමැතිවරු.

දැන් උන්ගෙම නයි උන්වම කනවා. අපි මේ සටනෙ ප්‍රේක්ෂකයො විතරයි.
ඇත්තටම මේ වෘත්තීය සමිති සහ ආණ්ඩුව කියන්නෙ ගහට පොත්ත වගේ එකම කණ්ඩායමක්. ඒ නිසා බහුතරයක් වෘත්තීයවේදීන් හිතාගෙන ඉන්නවා නම් මේ වෘත්තීය සමිති තමන් වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා. පව් කියලා තමයි ඉතිං කියන්න වෙන්නේ.

මේ ආණ්ඩුව සහ වෘත්තීය සමිති කරන්නෙ ටොම් ඇන්ඩ් ජෙරී වගේ පට්ට ආතල් කාටුන් එකක්. අන්න ඒක විතරක් තේරුම් ගනිල්ලා. ඒ හින්දා ඔය වර්ජන, උද්ඝෝෂණ කියන්නෙ දැනට වචන විතරයි. අනගතයෙදී ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත මහජන නැගිටීමක් සිදුවුණොත් ඔය තත්ත්වය වෙනස් වෙයි. හැබැයි දැන් තියෙන ඇල්මැරුණු විපක්ෂය එක්ක මෑතකාලයේ එවැනි තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න එපා. වර්තමාන වෘත්තීය සමිති නායකයො මෙයාලගෙම පිල්ලි තමයි. ඒ නිසා ස්ට්‍රයික් ඇතිවෙනකම් බලා නොයිඳ දැන් ඔය ළමයි ගෙදර යන්න.

නිලන්ත සත්සර ගමගේ (අන්තර්ජාලයෙනි)

SendShareShare
Previous Post

සජිත් මෙච්චර වටින නායකයෙක්ද? සජබ මන්ත්‍රීලට පේන්නේ නැති දේ කොංග්‍රස් මන්ත්‍රීට පෙන්ලා! Sri Lanka Latest News

Next Post

ඡන්දේ කට ළඟ ගහපු ගේම් මෙන්න! ජනතා මුදල් විනාශ කළ හැටි කියවන්න! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.