බාල ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් වූ නඩුව අද අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී ඊයේ කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය පිළිබදව කරුණු අනාවරණය කෙරෙිණ.Sri Lanka Latest News
එහිදී අල්ලස දූෂණයට හා නාස්තියට එරෙහි පුරවැසි සංවිධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නලින් ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කියා සිටියේ බාල බෙහෙත්වලට සල්ලි ගෙවන්න එපා කියලා පස්සේ රඹුක්වැල්ල මහතා මුලින් කීවද මොන ක්‍රමයකින් හරි මේ ඖෂධයට සල්ලි දෙන ලෙස ඉල්ලා ඒ මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් පවා ඉදිරිපත් කොට ඇති බවකි.
එමෙන්ම රඹුක්වැල්ල මහතා ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත්තේ තමා පෙනී සිටින සංවිධානය ඒ පිළිබද නඩු පැවරීමෙන් පසුව බවකි.