කොස්ගොඩ ප්‍රදේශයේ සිදුව වෙඩිත තැබීමකින් තරුණයෙකු මියගොස් තිබේ. Sri Lanka Latest News
අද (31) අලුයම 5.15ට පමණ කොස්ගොඩ දූවමෝදර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසුවේය.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකු බව සඳහන් වේ.
ටී 56 ගිනි අවියක් මෙම වෙඩි තැබීම සඳහා භාවිත කර ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
කොස්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
අ මෙලෙස මියගොස් ඇත්තේ කැස්බෑ මධ්‍යස්ථානයක හිමිකරුවෙකුගේ පුත්‍රයා වන අරුත් මැන්ඩිස් යන තරුණයෙකි.










