පුත්තලම – ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය එක්සත් ජාතික පක්ෂයේ සහායෙන් සම්මත කරගැනීමට ජාතික ජන බලවේගය අද (11) සමත් වුණි.Sri Lanka Latest News
ඒ එහි ඡන්ද සමවූ පසු පැවති ඡන්ද විමසීමේදී තීරක ඡන්දය දිනාගනිමිනි.
පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල අනුව සභිකයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් සභිකයින් 10ක්, සමගි ජන බලවේගයෙන් සභිකයින් 06ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයින් 02ක්, පොදුජන එක්සත් පෙරමුණෙන් සභිකයින් 02ක්, එක්සත් ජාතික පක්ෂයෙන් සහ ස්වාධීන කණ්ඩායමකින් එක් සභිකයෙකු බැගින් තේරී පත්වුණි.
කෙසේ වෙතත්, එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ජාතික ජන බලවේගයට පැවති රහස් ඡන්ද විමසීමේදී හිමිවූයේ විපක්ෂය නියෝජනය කරන සභිකයින් දෙදෙනෙකුගේ සහාය හිමිවීම හේතුවෙනි.
කෙසේ වෙතත්, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ අද පැවති එහි මංගල අයවැයේදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 10දෙනාට අමතරව එක්සත් ජාතික පක්ෂයේ සභිකයාද සිය ඡන්දය භාවිත කළේය.
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 11කුත්, විපක්ෂව ඡන්ද 11කුත් හිමිවුණි.
ඡන්ද සංඛ්‍යාව සමවීම හේතුවෙන් ඒ සමග සභාපතිවරයා විසින් සිය තීරක ඡන්දය භාවිත කළ අතර, ඒ අනුව ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය සම්මත වුණි.










