ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පවත්වන ලෙසත් එයින් විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බවත් ඒ සඳහා නීතිමය වෙනසක් සිදුකිරීමට අවශ්‍යනම් සහය ලබා දෙන්න සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.Sri Lanka Latest News
රටට අවශ්‍ය කර තිබෙන්නේ ජන මතයක් තිබෙන නායකයෙක් සහ ආණ්ඩුවක් බවත් ජනමතයක් නැති ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එකම දවසේ පන්නා දමන්න තිබෙන හොදම අවස්ථාව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දවසක පැවැත්වීම බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඊයේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මේ බව සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රාජපක්ෂවරු උදව් කරත් නැතත් ඔහුව අනිවාර්යෙන්ම පරාජය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සමගි ජනබලවේගය ප්‍රමුඛ පුලුල් සන්ධානයකින් බවත් හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හර්ෂණ රාජකරුණා මහතා මෙසේ පැවැසීය.
‘‘පනත් වෙනස් කරනවා , හොරු අල්ලන්න වැඩපිළිවෙලට ප්‍රමුඛත්වය ලබාදෙනවා , රට දියුණු කරන්න ජාත්‍යන්තර සහය ලබාගන්නවා කියලා පාර්ලිමේන්තුවේදී සහ ජාතිය අමතා ජනාධිපතිවරයා ජනාධිපතිධූරය ලබාගත් පසු ප්‍රකාශ සිදුකරලා තිබෙනවා.
නමුත් අද ජනාධිපතිවරයා ඒ සියලු දේවල් අමතක කර තිබෙනවා. රටේ මුදල් සොරකම් කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඒ මුදල් රටට ගෙන ඒමට ජනාධිපතිවරයාට කිසිඳු උවමනාවක් නෑ. හොරු සමඟ හෙලුවෙන් ගත කරන අවස්ථාවක් තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් පෙනෙන්නට තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ධනය මංකොල්ලකාපු හොරු ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක නිරත වෙනවා. රටේ ධනය මංකොල්ලකාපු හොරු ජනාධිපතිව ආරක්ෂා කරනවා. ජනාධිපති රටේ ධනය මංකොල්ලකාපු හොරු ටික ආරක්ෂා කරනවා. රනිල් රාජපක්ෂ ආණ්ඩුව රටේ ධනය මංකොල්ලකාපු හොරුන්ව කවදාවත් නීතියේ ඉදිරියට ගේන්නේ නෑ. ඒ හොරුන්ට නිසි දඩුවම් දෙන්නනම් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි.
පිරිසක් කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ කියලා. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉල්ලුවත් නැතැත් ඉක්මනින් ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් ලබාදෙන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රාජපක්ෂවරු උදව් කරත් පරද්දවනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තනියෙන් ඉල්ලුවත් පරාජය කරනවා.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැති නිසා ජනාධිපතිවරණයක් තියයිද කියන එක ගැන අපිට සැකයක් තිබෙනවා. ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් හැකි ඉක්මනින් ලබන වසරේදී පවත්වන්න කටයුතු කළ යුතුයි. රටේ ජනතාවට ඕන දේ කරයි කියලා ජනමතයක් නැති ආණ්ඩුවකින් ජන මතයක් නැති ජනාධිපතිවරයෙකුගෙන් කොහොමද බලාපොරොත්තු වෙන්න බෑ. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට කොහොම ඉල්ලුවත් අපිට අදාල වෙන්නේ නෑ. අපිට අදාල වෙන්නේ හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වීම පමණයි. පුලුවන්නම් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එක දිනක තියන්න. එහෙම අදහසකට අපි එකඟයි. රටට අවශ්‍ය වන්නේ ජන මතයක් තිබෙන නායකයෙක් සහ ආණ්ඩුවක්.
ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා හදුන්වා දුන්න විධායක ජනාධිපතිධූර අහෝසි කළ යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය යෝජනාවක් සම්මත කර ගත්තා. ඔවුන් තාමත් ඒ මතයේ ඉන්නවා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පසුව ඒ ගැන කතාවක්වත් නෑ. විධායක ජනාධිපතිධූර අහෝසි කළ යුතුයි කියලා ගෙනාපු සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට ඡන්දය දුන්න පිරිස් පාර්ලිමේන්තුවේ ඉන්නවා. සමගි ජනබලවේගය ප්‍රතිපත්තියක ඉදලා තමයි ඡන්දය ලබාදුන්නේ.
ව්‍යවස්ථා සංශෝධය සමඟ විධායක ජනාධිපතිධූරයේ බලතල අඩු කරන්න ව්‍යවස්ථාධායක සභාවක් ගෙනාවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන අභියෝගය බවට ව්‍යවස්ථාදායක සභාව පත්වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා හිතනවා ව්‍යවස්ථාදායක සභාව කියන්නේ විධායකයේ කොටසක් කියලා. පාර්ලිමේන්තුව මේ තරම් හෑල්ලු කරන්න ඉඩදෙන්න බෑ. කතානායකවරයා මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදිය යුතුයි. ව්‍යවස්ථාදායක සභාව ශක්තිමත් කරනවා වෙනුවට ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් ව්‍යවස්ථාදායක සභාවේ වැඩකටයුතු අඩාල කරන්න. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අපහාස කරනවා. ඒ වගේම අධිකරණයට චෝදනා කරනවා. ජනාධිපතිවරයාට අද අවශ්‍ය වෙලා තිබෙන්නේ ඒකාධිපති පාලනයක් රට තුළ ගෙනියන්න.
රට බංකොලොත් කිරීමට දායකත්වය ලබාදුන්න පිරිස පිළිබද පරීක්ෂණයක් සිදුකරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරලා තිබෙනවා. ඒ තේරීම් කාරක සභාවේ සභාපති ලෙස පත්කරලා තිබෙන්නේ රට බංකොලොත් කිරීමට දායක වුණ පිරිස නියෝජනය කරන පක්ෂයේ මහ ලේකම්වරයාව. මේ දෙයම තමයි අනෙකුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල සිදුවෙන්නේ.
රට මුහුණ දී තිබෙන ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයෙන් රට බේරා ගැනීමට තිබෙන එකම විසඳුම සමගි ජනබලවෙගය. රටේ මේ තිබෙන තත්ත්වය වෙනස් කරන්න සමගි ජනබලවේගය නායකත්වය ගන්න සූදානම්.
======================================
ප්‍රශ්නය – ඉදිරි මැතිවරණවලදී සමගි ජනබලවේගය පොදු සන්ධානයක් විදිහට තනි දේශපාලන පක්ෂයක් විදිහටද ඉදිරිපත් වෙන්නේ.
පිළිතුර – සමගි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා. පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒ ගැන ඒකමතිකව තීරණය කරලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ සමගි ජනබලවේගය ප්‍රමුඛ පුලුල් සන්ධානයකින්. එක්සත් ජාතික පක්ෂයෙන් අපි ඉවත් වුණේ ඔවුන් හොරුන්ව ආරක්ෂා කරන නිසා. හොරුන් සමඟ ඩීල් දේශපාලනයේ නිරත වෙන නිසා. ඒ ගත් තීරණය ගැන අපි සතුටු වෙනවා.
එහෙම වුණේ නැතිනම් කේක් කපන්න අපිටත් යන්න වෙනවා.
ප්‍රශ්නය – පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයෙකු තේරීමේදී විපක්ෂ නායකවරයා පස්සට ගිහින් ඩලස් අලහප්පෙරුමව ඉස්සරහට දැම්මනේ.
පිළිතුර – ඩලස් අලහප්පෙරුම මහතාව පාර්ලිමේන්තුවේදී ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළේ ඔවුන්ගේ කණ්ඩායමේ සහයත් ලබාගන්න. සමගි ජනබලවේගයට පාර්ලිමේන්තුවේ ඉන්නේ මන්ත්‍රීවරු 50 ක ආසන්න ගණනක්. පාර්ලිමේන්තුවේ 113 ක් ගන්න අපහසු නිසා ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රමුඛ කණ්ඩායමට එදා සහය ලබාදුන්නා.
ප්‍රශ්නය – රොෂාන් රණසිංහ මහත්තයා පොදු අපේක්ෂකයා වෙයිද?
පිළිතුර – රොෂාන් රණසිංහට එහෙම මොළයේ අමාරුවක් නෑ. රොෂාන් රණසිංහ මහත්තයාට අපි ආරාධනා කරනවා සමගි ජන බලවේගය නිර්මාණය කරන ප්‍රබල සන්ධානය සමඟ එකතුවෙන්න කියලා.
ප්‍රශ්නය – ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය තියන්න උත්සහ ගන්නවා කියලා අරංචි පැතිරෙනවා.
පිළිතුර – ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එක දවසක තියන්න. ඒ සඳහා නිතිමය වෙනසක් කරන්න ඕන නම් ඒකට අපි සහය දෙනවා. රටට මේ මැතිවරණ දෙකම අවශ්‍යයි. ජන මතයක් නැති ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එකම දවසේ එලවන්න තිබෙන හොදම අවස්ථාව තමයි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දවසක පවත්වන එක. එයින් මුදල් විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි කර ගන්නත් පුලුවන්. ජනාධිපතිවරයා ඡන්ද වලට බයයි.
ප්‍රශ්නය – ජාතික ජනබලවේගය වටා ජනතා රැල්ල නිර්මාණය වෙලා තිබෙනවා. රට ඉදිරියේදී වෙනස් කරන්නේ ජාතික ජනබලවේගය කියලා ඔවුන් කියනවා.
පිළිතුර – ඔවුන් ඡන්දවලට කලින් ඔහොම තමයි කියන්නේ. ජාතික ජනබලවේගය කියලා එකක් නෑ. ඒක ඇතුලේ තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජාතික ජනබලවේගය මෙහෙයවන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ බලයට ඇවිත් මාස දෙක තුනෙන් ජනතාව කියනන් ගෝඨා හොදයි කියලා. ඔවුන්ට ජාත්‍යන්තර සහයෝගක් ලැබෙන්නේ නෑ. රටේ ජනතාවගෙන් ඉල්ලනවා දෙවැනි පාරටත් වරද්ද ගන්න එපා කියලා. ලංකාව උතුරු කොරියාවක් කර ගන්න ඕන නම් ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දෙන්න. රටේ අවශ්‍යතා වලදී ඔවුන් කතා කරන්නේ නෑ. ඔවුන්ට රතු අලි පැටව් කියපු එක සාධාරණයි.
ප්‍රශ්නය – පොදුජන පෙරමුණ යළි ප්‍රතිසංවිධානය කරලා ජනාධිපතිවරණයට ඔවුන් සූදානම් වෙනවා.
පිළිතුර – පොදුජන පෙරමුණක් නෑ දැන්. පොදුජන පෙරමුණ නැගිට්ටවන්න හදන පිරිස එලවලා දාන්න ඕන. මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ , ගෝඨාභාය රාපක්ෂ රටේ ආර්ථිකය බංකොලොත් කරා කියලා අධිකරණයෙන් ප්‍රකාශ කරලා තිබෙනවා. එවැනි අවස්ථාවකද නැවත මොවුන්ව නැගිට්ටවන්න හදන්නේ. මොවුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතුයි. මොවුන්ට රජයෙන් ලබාදී තිබෙන සියලු වරප්‍රසාද නැවැත්විය යුතුයි. ඔවුන්ගේ ප්‍රජා අයිතීන් අහෝසි කරන්න ඕන. ඔවුන් මේ රටට වන්දි ගෙවිය යුතුයි.
ප්‍රශ්නය – රටේ සීනි හිඟයක් තිබෙනවා. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පියවරක් අරගෙන නැ නේ.
පිළිතුර – රටේ දියවැඩියාව වැඩියි. ඒ නිසා සීනි වෙළඳපොලෝ නැති කරන්න තීන්දුවක් අරගෙන තිබෙනවා. සීනි ටික වෙළඳ සැල් වලට ලබාදෙන්න බැරි ආණ්ඩුවක් තමයි වර්තමානයේ රට පාලනය කරන්නේ. ආණ්ඩුව ජනතාව සමඟ වෛරයකින් කටයුතු කරන බවක් තමයි මේ සිද්ධි වලින් පේන්න තිබෙන්නේ.










