දෙනියාය – මොරවක ප්‍රදේශයේ පදිංචි දෙමළ ජනතාවට අයත් වත්තක තිබූ කෙසෙල් ගස් වගාවක් මැරයන් කිහිප දෙනෙකු විසින් කපා දමන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්වී තිබෙනවා.
ඔවුන් පවසන්නේ තම ජීවනෝපාය සඳහා තම නිවෙස් අවට ඉඩ ප්‍රමාණයේ කෙසෙල් ගස් වගා කර ඇති බවයි.
මීට දින කිහිපයකට පෙර එම ප්‍රදේශවාසීන් අස්වැන්න අලෙවි කිරීමට සූදානම් වූ අවස්ථාවේදී එම කෙසෙල් ගස් තමන්ට අයත් බවට වතු හිමියන් ප්‍රකාශ කර තිබුණා.
අනතුරුව කිසියම් පිරිසක් වත්තට පැමිණ කෙසෙල් ගස් කපා දමා ඇති අතර මෙම සිදුවීම ප්‍රදේශවාසීන් විසින් පටිගත කර තිබෙනවා.
කෙසෙල් ගස් පමණක් නොව අනෙකුත් වගාවන් ද මැරයන් විසින් විනාශ කර ඇති බවයි ජනතාව කියන්නේ.
කරදර කරන්නන්ට එරෙහිව පැමිණිලි කිහිපයක්ම කළද මොරවක පොලිසිය කිසිදු පියවරක් ගෙන නොමැති බවද ප්‍රදේශවාසීහු ප්‍රකාශ කළා.