• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මියගිය හෝ සදාකාලික ආබාධිතයකුට ලක්ෂ 10යි! තුවාල වූ අයකුට ලක්ෂ 5යි! වන්දි දෙන්න කැබිනට් එක තීන්දු කරලා! පාස්කු ප්‍රහාරයේ නඩු 107ම නිෂ්ප්‍රභ කරන්න! නීතිපතිවරයා උසාවියට දැනුම් දෙයි!

September 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මියගිය හෝ සදාකාලික ආබාධිතයකුට ලක්ෂ 10යි! තුවාල වූ අයකුට ලක්ෂ 5යි! වන්දි දෙන්න කැබිනට් එක තීන්දු කරලා! පාස්කු ප්‍රහාරයේ නඩු 107ම නිෂ්ප්‍රභ කරන්න! නීතිපතිවරයා උසාවියට දැනුම් දෙයි!
Share on WhatsAppShare on Facebook

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදූවු ජීවිත හා දේපල හානියට  වන්දි  ගෙවීමට රජය කටයුතු කරමින් සිටින හෙයින්  රජයට එරෙහිව පවරා ඇති නඩු 107 නිෂ්ප්‍රභා කරන්නයි නීතිපතිවරයා කොළඹ අතිරේක දිසා විනිසුරු මහේෂ ද සිල්වා මහත්මියගෙන් අද 13 ඉල්ලා සිටියේය.

 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2019 අප්‍රේල් මස 22වෙනි දින ඉදිරිපත් කළ 2019 /04 දරණ අමාත්‍ය මණ්ඩල සන්දේශයට  අප්‍රේල් මස 24 වැනි දින අනුමැතිය හිමිව ඇති බවත් එම අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව එම වන්දි මුදල් ගෙවීම සිදු කරන බවත්  සදහන් කරන  නීතිපතිවරයා අමාත්‍ය මණ්ඩල සංදේශය අනුව මියගිය හා සදාකාලික ආබාධිත වූ  පුද්ගලයකු සඳහා රුපියල් මිලියනයක්ද. තුවාල ලැබූ පුද්ගලයෙකු සඳහා රුපියල් ලක්ෂ 5ක් ද, සිදුව ඇති දේපළ හානිය වෙනුවෙන් රුපියල්  මිලියන 5 ක උපරිමයකට යටත්ව වන්දි ද,  අනුමැතිය හිමි වී ඇති බව දැනුම්  දුන් අතර වන්දි ගෙවීමේ කටයුතු සඳහා  හානිපූර්ණය සඳහා වන කාර්යාලයට පැවරීමටත් අමාත්‍ය මණ්ඩල සංදේශය නිර්දේශ කර ඇති බවත්  නීතිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය.

පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන බවට නිශ්චිත තොරතුරු තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකල හේතුවෙන් එම ප්‍රහාරයට ලක්ව මියගිය හා සදාකාලික ආබාධිත වූ හා තුවාල ලැබූවන්ට  වන්දි ලබා දෙන්නැයි ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයට පෙත්සම් 107ක් ඉදිරිපත් කොට තිබිණි 

එම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අගමැති රනිල් වික්‍රමසිංහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන හා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය නම් කර ඇත .

පාස්කු ප්‍රහාරයේ සිදුවන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදී ,විත්තිකාර හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිස සිය ප්‍රති පුරුෂ වගකීම පැහැර හැරීම, ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම  හා රාජකාරිය පැහැර හැරිම තුළින් තමන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වු බවත්, ඊට වන්දි අයකර දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටිති.

පැමිණිලිකරුවන් අගතියට පත් ස්භාවය අනුව රුපියල් ලක්ෂ සියයේ සිට ඉහළට වන්දි ඉල්ලමින් මෙම නඩු පවරා තිබිණි.

මෙම පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපතිවරයා වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාරය හේතුවෙන් මියගිය හා සදාකාලික ආබාධිත වූවන්ට වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩලයෙන් නිර්දේශ කොට ඇති බවත් එම වන්දි ලබා දෙන තෙක්  ඔවුන්ට සානුකම්පිත දීමනාවක් ලබා දීමට රජයට හැකියාව ඇති බවත් පෙන්වා දුන්නේ ය.

 එහෙත් පැමිණිලිකරුවන් එම දීමනාව ලබාගැනීමට  මෙතෙක් ඉල්ලුම් කර නොමැති බවද නීතිපතිවරයා වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

නඩුවල දෙවැනි විත්තිකරු ලෙස නම් කර ඇති   ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඔහු වෙනුවෙන් උත්තර ගොනු කිරීම මෙම අවස්ථාවේ සිදු නොකරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා ජනරජයේ ජනාධිපති ලෙස පත්ව ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 /1 ව්‍යවස්ථාව ප්‍රකාරව හිමිවන මුක්තිය අනුව නඩුවේ විත්තිකාරත්වයෙන් ඔහු මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි මෝසමක් ගොනු කරමින් අධිකරනයෙන් ඉල්ලා සිටියහ. 

හිටපු  ජනපති මෙමත්‍රිපාල සිරිසේන මහතාද මීට පෙර අවස්ථාවක ජනපති මුක්තිය යටතේ තමන් මෙම නඩු වලින් මුදා  ල්ලා සිටියත් අධිකරණයේ ඒ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ  සිවිල් අභියාචන මහාධිකරණය ට මහාධිකරණයට ඉදිරිපත් කළ අභියායචනය මේ වන වනවිට විභාග වෙමින් පවතී.

පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ මඩුල්ලක් සමගජනාධිපති නීතිඥ ෂමිල් පෙරේරා මහතා පෙනී සිටියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් දිනේෂ් විදානපතිරණ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය.
සෙසු විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා හතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියේය  .
නඩුවේ වැඩිදුර විහාගය නොවැම්බර් 02 වන දින සිදු සිදුකිරීමට නියමිතය .  -ලංකාදීප

SendShareShare
Previous Post

බොරතෙල් නැවට සති 3යි! ඩීසල් නැව් 2ට සතියයි! ‌ගෙවන්න ඩොලර් නැතිව තෙල් නැවේ මුහුදේ පාවෙයි!

Next Post

පරණවිතාන-බෙල් මහත්තුරු කියලා තියෙන්නේ බොරුද? සංචාරක ලේකම්ගේ ‘සීගිරි ලෙෂර් පාක්’ කතාවට පුරා විද්‍යා ප්‍රධානියා උත්තර දෙයි!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.