සීගිරිය බලකොටු නගරයක් බව මෙතෙක් කරන ලද පුරාවිද්‍යා පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි ද තමාගේ පෞද්ගලික මතය ද එය බව ද පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය අනුර
මනතුංග මහතා මාධ්‍ය වෙත සදහන් කොට ඇත.
සීගිරිය පිළිබඳව ඓතිහාසික කැණීම්වලින් බොහෝ සාධක සොයාගෙන ඇතැයි ද ඒ මහතා කීය.
එවකට පුරාවිද්‍යා කොමසාරිස්වරයාව සිටි එච්. සී. පී. බෙල් මහතා මේ පිළිබඳ අපූරු ගවේෂණ සමුදායක් සිදුකර ඇත.
ක්‍රිස්තු පූර්ව 3 සහ 5 වන සියවසේ අග භාගයේදී කාශ්‍යප රජ සමයේ මෙය ඉදිකළ බවට විශ්වාස කෙරේ.
මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් ද දිගු කාලයක් තිස්සේ ඓතිහාසික සීගිරිය පිළිබඳ සිදුකළ ගවේෂණවලදී බොහෝ කරුණු හෙළිවී තිබේ.
සීගිරිය සම්බන්ධයෙන් විවිධ මත තිබෙන බවත් අනුර මනතුංග මහතා පැවසීය.
කෙසේවෙතත් සීගිරිය බලකොටුවක් නොව, උද්‍යානයක් බවට පර්යේෂණවලින් තහවුරු වී ඇතැයි සංචාරක අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතා මහනුවර දී
පැවසීය. සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සීගිරිය පිළිබඳ මුළු ලෝකය ම දන්නා මුත් සීගිරිය පිළිබඳ හරි දේ ලෝකයට ගොස් නැතැයි ද ඒ මහතා කීය.










