• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා පන්නපු – සෙනග රැස්වුණු – බස් කුඩු කරපු – ගෙවල් ගිනිතියපු – බේරෙ වැවෙන් නාවපු – අරගලයට තුන්වසයි! පැතූ වෙනස වෙලාද? Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගෝඨා පන්නපු – සෙනග රැස්වුණු – බස් කුඩු කරපු – ගෙවල් ගිනිතියපු – බේරෙ වැවෙන් නාවපු – අරගලයට තුන්වසයි! පැතූ වෙනස වෙලාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආදරණීය මිත්‍රවරුනේ, ඔබට මතකද මීට අවුරුදු තුනකට කලින් අපි කරපු අරගලය? විශිෂ්ටතම දේශපාලන අරගලය විදියට ඉතිහාසගත වෙන ශ්‍රී ලංකා ඉතිහාසයේ අපූරු සිදුවීම. අරගලයට අවුරුදු තුනක් සම්පූර්ණ වනදා අපි ලෑස්තියි අදත් අරගලය ගැන ලියන්න. Sri Lanka Latest News

මීට අවුරුදු තුනකට කලින් මාර්තු මාසෙ උදා වුණේ ප්‍රශ්න දහස් ගණනක් අස්සෙන්. විවිධ ප්‍රශ්න නිසා විදුලිය විසන්ධි කරන්නට රටට සිද්ධ වුණා. මේ විදුලිය විසන්ධි කිරීම පැයෙන් පැය වැඩිවෙලා එකමත් එක දවසක් ආවා විසන්ධි කිරීමේ කාලය පැය 13ක් වෙච්ච. මේ විදුලි විසන්ධි කිරීමත් එක්ක රටේ දුරකතන සබඳතා ඇතුළු සියල්ල බිඳවැටුණා. අන්තර්ජාලය භාවිත කිරීම බරපතළ ප්‍රශ්නයක් බවට පත්වුණා. රටේ මිනිස්සුන්ට තෙල් ටිකක් පිළිවෙළට දීගන්න බැරි වෙච්ච නිසා ජෙනරේටර්වලින් වැඩ කරලා ජාමෙ බේරගන්න එකත් නැවතිලා තිබ්බේ. ඒ වෙනකොට රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. එතුමා ජනාධිපති බවට පත්වුණේ විශාල ජන බලයක් සහිතව. ඒ වෙනකොටත් මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ බලය පුදුම විදිහට ශක්තිමත්ව තිබ්බා. තමන්ගේ දේශපාලන කණ්ඩායමත් එක්ක විවිධ ආකාරයේ හිතුවක්කාර තීරණ ගත්තු ගෝඨාභය රාජපක්ෂ පාලනය රටේ මිනිස්සුන්ටත් ටිකෙන් ටික එපාවෙමින් තිබුණේ.

අන්න ඒ නිසාම දැවැන්ත විධායක දේශපාලන බලයකට විරුද්ධව සාමාන්‍ය මිනිස්සු පාරට බැස්සා. අරගලේ ගැන කියවෙන කොට ඔබ විවිධ නම් ගම් ගැන කතා කරනව ඇති. අරගලයට නායකත්වය දුන්නු අය අරගලය පටන් ගත්තාය කියන අය ඕන තරම් ලංකාවේ ඉන්නවා. ඒත් මේ අරගලයට ඇත්තටම මූලාරම්භය සපයපු මිනිහ නිකම්ම නිකන් ලකුණු දාගැනිල්ලකින් තොරව මේ වෙනකොටත් අපිව අතෑරලා දාලා ගිහිල්ල ඉවරයි.

ඔහු නමින් බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න. අරගලේ ගැන කියන විවිධ නම් ගම් අතරේ ඔබ ඔහුගේ නම අහල තියෙනවද. ඔහු තමයි මේක දරාගන්න බැරිම තැන දැන් නම් මේක හොඳටම ඇති කියලා සමාජ මාධ්‍ය සටහන තියපු මිනිහා. ඔහු තමයි අපි කට්ටිය එකතු වෙලා විහාරමහාදේවි පාක් එකේ නිහඬ විරෝධයක් කරමු කියලා සමාජ මාධ්‍ය හරහා මිනිස්සු එකතු කළේ.

ඒත් බුද්ධිවත් හිතපු නැති විදිහට මිනිස්සු වටේ එකතු වුණා. මිනිස්සු මිරිහානට ඇවිල්ලා මහා පාරේ කෑගහන්න ගත්තා. දැවැන්ත විධායක දේශපාලන බලයකට එරෙහිව සාමාන්‍ය මිනිස්සු මොනවා කරන්නද කියලා හිත හිතා ඉන්නෙ නැතුව එකිනෙකාව නාඳුනන මිනිස්සු එකම අරමුණකට පෙළ ගැහුණා. සේනාධිනායකයා තමන්ගේ හමුදා බලය මුදාහරින බව දැන දැනම සමහර අම්මලා කිරි දරුවෝ උරහිසේ තියාගෙන සටනට ආවා. ජාතියක් ආගමක් කුලයක් නැතුව ඔක්කොම හිටියේ එක අරමුණක් වෙනුවෙන්. මිරිහානෙදි සටන් ව්‍යාපාරයට පහර දුන්නා. ඇතැම් අය අත්අඩංගුවට පත්වුණා. පත්වෙච්ච මිනිස්සු වෙනුවෙන් නීතිඥවරු පෝලිමේ ආවා. නුගේගොඩ අධිකරණ සංකීර්ණය එකම හිස් ගොඩක් බවට පත්වුණා. අත්අඩංගුවට පත්වෙච්ච අයව මුදාගන්න ආපු නීතිඥවරුන්ට සාමාන්‍ය මිනිස්සු අප්පුඩි ගැහුවා. මහා ජනතාව වෙනුවෙන් සටන් පෙරමුණේ ඉඳලා අත්අඩංගුවට පත් වෙච්ච මිනිස්සු ගෙදර යනකොට ඒ මිනිස්සුන්ට නීතිඥවරු අත්පුඩි ගැහුවා. මේ දින කීපය ජනතා පරමාධිපත්‍ය බලය කොයි තරම් වටිනවද කියලා පෙන්නපු දවස් කීපයක්.

ඒත් එක්කම ගෝල්ෆේස් එක අරගල භූමිය බවට පත්වුණා. ගෝඨා ගෝ ගම නිර්මාණය වුණා. රට වටෙන්ම මිනිස්සු අනාරාධිතවම ගෝල්ෆේස් එකට ආවා. සමහරු අවංක චේතනාවෙන් මේ වැඩේට එකතු වුණා. සමහර අය සෝෂල් මීඩියා තුළ පොරක් වෙන්න තමන්ගේ රීච් වැඩිකරගන්න එහෙම් මෙහෙන් ලකුණු දාගන්න මේ වැඩේට සෙට් වුණා.
අරගලය වෙනුවෙන් අවංකව මහන්සි වෙච්ච මිනිස්සු රෑ දවල් නැතුව වෙහෙසෙන අස්සේ, වැඩෙන් පොඩි ආතල් එකක් ගන්න හිතාගෙන ආපු අය කූඩාරම් අස්සෙ අඩියක් ගැහුවා. ගෑනු ළමයා මුණගැහෙන්න අවසර නැතුව හිටපු සමහරු පිරිමි උදවිය කෙල්ලත් අරන් කූඩාරමක් අස්සට ගිහිල්ලා පොඩි ආතල් එකක් ගන්න හැටි අපි දැක්කා. ඒ අස්සේ අපි දැක්කා අවංකවම දේශපාලන වෙනසක් අවශ්‍යයි කියලා හිතලා තමන්ට කන්න ලැබිච්ච බත් පත පවා වෙන එකෙකුට දුන්න එවුන්. ඒ අතර හිටියා කෑල්ලෙන් කෑල්ල කැපුවත් මේ සටන පාවා නොදෙනවා යැයි හිතේ තද කරගත්ත එවුන්.

කොහොම වුණත් දේශපාලන මැරයන් විසින් අරගල බිමට පහරදීමත් එක්ක මේ කතන්දරය නරක අතට හැරෙනවා. මේ සිදුවීමත් එක්ක මුළු රටම කැලඹෙනවා. අරගල බිමේ සිදුවෙන දේ සමාජ මාධ්‍ය හරහා මුළු ලෝකෙම දකිනවා. මිනිස්සු තමන්ගේ හිටපු ඇඳුම පිටින් ආයතනවලින් එළියට එනවා. වැල නොකැඩී ගෝල්ෆේස් එකට එන ආගන්තුකයන්ගෙන් ගෝල්ෆේස් බිම පිරිලා ඉතිරිලා යනවා. පහරදීමට පැමිණි අයගේ බස් රථ කුඩු කරනවා. සමහරුන්ව බේරෙ වැවට තල්ලු කරනවා. දේශපාලන මැරයො වෙච්ච නමගිය දේශපාලනඥයන් පාර දිගේ දක්කගෙන යන තැනට එනවා. ඒ අතරේ නිට්ටඹුවෙදි කිසි දිනෙක නොවිය යුතු දෙයක් සිද්ධ වෙනවා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ව පාරෙදි ගහලා මරනවා. අරගලය සම්පූර්ණයෙන්ම වෙන අතකට හැරෙනවා. ගෙවල් දොරවල් කාර්යාල කඩල ගිනි තියෙනවා. පාර පුරා තැන් තැන්වල වාහන පිච්චෙනවා. ඉතාම සාමකාමී මට්ටමක තිබුණු අරගලය මනුෂ්‍ය ඝාතනය දේපළ විනාශ කිරීම් දක්වා දුරදිග යනවා. අරගලයේ සාමකාමී තත්ත්වය යළි නිර්මාණය වෙන්නේ දවසක් දෙකක් ගියාට පස්සේ. එතකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි.

තමන්ගේ ගේ පවා ගිනිගත්ත අරගලය අස්සේ කොහේදෝ හිටපු රනිල් වික්‍රමසිංහ ලංකාවේ ජනාධිපති වෙනවා. අරගලේ ටිකෙන් ටික දියාරු වෙලා ගිහිල්ලා ගෝඨා ගෝ ගම වැහිලා යනවා. අරගලකාරයාගේ හම පොරවාගෙන හිටපු බැටළු එකින් එක එළිවෙන්න පටන් අරගන්නවා. හැබැයි දේශපාලන වුවමනාවක් සමග අරගල බිමේ හිටපු මිනිස්සු හිස බිමට හරවාගෙන ගෙදර යනවා. මනුෂ්‍ය ඝාතනවලට දේපළ විනාශ කිරීම්වලට සැකකරුවන් අත්අඩංගුවට පත්වෙන්න පටන් ගන්නවා. එක්කෙනා දෙන්නා නෙමෙයි සමහර තැන්වල පනහ හැට හැත්තෑව අත්අඩංගුවට ගන්නවා. නිට්ටඹුවෙ සිද්ධියට තිස් හතළිස් දෙනෙක් තවමත් හිරබත් කනවා. කොහේදෝ තිබුණු අරගලයකින් අලුත් ගෙවල් ලැබුණු දේශපාලකයෝ සතුටින් පිනා යනවා. දේශපාලකයන්ට විතරක් නෙමෙයි දේශපාලන පවුල්වලට රජයෙන් මුදල් ලැබෙනවා. කැඩුණු බිඳුණු පරණ ගෙවල් පරණ කාර්යාල වෙනුවට අලුත් කාර්යාල අලුත් නිවාස ඒගොල්ලෝ හදාගන්නවා.

ඉතින් ආදරණීය මිත්‍රවරුනි, අරගලයේ නියම ප්‍රයෝජනය කාටහරි ලැබුණද? අරගලයක් කියන්නේ පොඩි ආතල් එකක් ගන්න එකක් නෙමෙයි. ඔබ මට කියාවි මෙන්න මෙහෙම රටක විධායක බලයෙන් පත් වෙච්ච, තමන්ගේ බලයෙන් වියරු වැටිලා හිටපු, රාජපක්ෂ පිලේ ජනාධිපතිවරයෙක්ව බලහත්කාරයෙන් තනතුරෙන් නෙරපලා දාන්න පුළුවන් තරම් ජන බලය ශක්තිමත් නම් ඊට වැඩිය මොන අරගලද සහෝදරයා කියලා. ඔව් මම ඒකට හිස නමා ආචාර කරනවා.

ඒක සමහර විට මේ සියවසේ විශිෂ්ටතම දේශපාලන ජයග්‍රහණය වෙන්න පුළුවන්. ඒත් අරගලයෙන් පස්සේ ඔබ අපි හිතපු ස්වර්ගය මේ තෙවසර ඇතුළේ පහළ වෙලාද? ඔබ පැතූ ලෝකය අද ඉදිවෙලාද? දේශපාලන ආර්ථික සංස්කෘතික වෙනස්කම් ඔබ දකිනවද?

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ පක්ෂයක් රටේ දේශපාලන බලය දිනාගැනීම විප්ලවයේ අතුරුඵලයක් ලෙස ඔබට කියන්න පුළුවන් බව මම දන්නවා. එදා අරගලයට ගියපු මිනිස්සුම එදා පාරට බැහැපු මිනිස්සුම තමන්ගේ වගකීම් සහ යුතුකම් ටික ඉෂ්ට කරලා තියෙනවද? කල්පනා කරල බලන්න.
හැබැයි එකක්,

දැන් මිනිස්සු දන්නවා මිනිස්සු අතේ බලය තියෙනවා කියලා. මෙච්චර දවස් ප්‍රශ්නෙ තිබ්බේ ජනතාව ජනතාවගේ බලය අඳුනගෙන නොතිබීම. ජනතාව ජනතාවගේ ශක්තිය අඳුනගෙන නොතිබීම. දැන් එකෙක් පාරට බැස්සම තව රංචුවක් පාරට බහින්න ලෑස්තියි. සමහර විට පාරට බහින්නේ ආතල් එකට වෙන්න පුළුවන්. බලය ඉන්න කණ්ඩායම පන්නා දැමීමේ විලාසිතාව දැන් අපි දන්නවා. ඒ නිසා මතක තියාගන්න මල් යහනාවක ඔබ සත පා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවට පත්වුණේ අපේ රටේ දියසෙන් කුමාරයා පැමිණෙන විලාසයෙන්. ඒ නිසා බලයෙන් ඉදිමෙන ඕනෑම පාලකයෙක්ට අරගලය ඉගැන්වූ පාඩම මතක් විය යුතුයි. හිතුවක්කාර ලෙස කටයුතු කරන ඕනෑම දේශපාලකයෙක්ට අරගලය සිහිනෙන් පෙනිය යුතුයි. පන්නා දැමීම නෙරපා දැමීම එළවා දැමීම ලංකාවෙන් මිනිස්සුන්ට අලුත් දෙයක් නෙමේ. ඡන්දයක් එනකම් අපිව එළවන්න බෑ කියලා හිතාගෙන ආතල් ගන්න ලෑස්ති වෙන්න ඕන දේශපාලකයෙක්ට දැන් අරගලයේ පරණ පින්තූර ටිකක් හොයාගෙන බලන්නම වෙනවා. එනිසා අරගලය නරක දෙයක් කියලා කියන්න අපිට බෑ. ඒත් අසංවිධ අරගලයකින් හානිය වෙන්නේ සාමාන්‍ය මහජනයාට. වියදම් වුණේ අපේ භාණ්ඩාගාර සල්ලි. පීඩා වින්දා අහිංසක මිනිස්සු. ගෙවල්වලට ගිනි තියන්න නෙමෙයි, බලන්න ගිය මිනිස්සු පවා හිරේ ගියා. ඒ නිසා යළි කිසි දිනෙක අරගලයක් ඇති නොවනා තැනට මහජනතාව වගේම පාලකයොත් කටයුතු කරනවා නම් ඉතාම හොඳයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘සමාවෙන්න මට අම්මේ… මට ගොඩක් මහන්සියි…. මගේ මරණයට හේතුව depression…’ තරුණ දරුවන් මේ විදියට ජීවිතයෙන් පැන යන්නේ ඇයි? Sri Lanka Latest News

Next Post

ටිකෙන් ටික බිඳෙන් බිඳ අපි ආවාද මේ තරම් දුර! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.