• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිකෙන් ටික බිඳෙන් බිඳ අපි ආවාද මේ තරම් දුර! Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ටිකෙන් ටික බිඳෙන් බිඳ අපි ආවාද මේ තරම් දුර! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2019 කියලා කියන්නේ අතිශය තීරණාත්මක අවුරුද්දක්. විශාල දේශපාලන පෙරළි සිද්ධ වෙච්ච අවුරුද්දක්. රට විතරක් නෙවෙයි මුළු ලෝකෙම ආර්ථික, සංස්කෘතික, සමාජයීය වශයෙන් වෙනස් වුණු අවුරුද්දක්. මේ වගේ එහෙට මෙහෙට හෙළවෙන ආර්ථිකයක් එක්ක කොහෙට යයිද කියලා හිතාගන්න බැරි ලෝකයක් ඇතුළේ මනුස්සයෙක් පත්තරයක් පටන් ගන්න හිතන්නෙවත් නෑ. මොකද ඒ වෙනකොටත් මුළු ලෝකෙම තීරණය කරලා තිබුණේ පත්තර කියන්නේ තවදුරටත් මිනිස්සු කියවන දෙයක් නෙවෙයි කියලා. පත්තර වැටෙනවා පත්තර වැහෙනවා අපිට පෙනුණා. ඉතින් ඔය වගේ කාලෙක පත්තරයක් පටන් අරගත්තොත් මූණට නොකිව්වත් තැන් තැන්වල කිව්වේ පිස්සු කියලා. ඕක අවුරුද්දක්වත් තියෙන්නේ නෑ කියලා හුඟක් අය හිතුවා. එහෙම හිතුවට වැරදි නෑ. එහෙම හිතුවා කියලා අපි තරහක් නෑ. මොකද එහෙම හිතන එක හරිම සාධාරණයි. ඒ වගේ නරක කාලෙක මේ වගේ දෙයක් කරන්න කිසි කෙනෙක් හිතන්නෙ නෑ. අනික අපිත් එක්ක සල්ලිකාර මුදලාලි කෙනෙක් හිටියෙත් නැහැ. විශාල ප්‍රාග්ධන බලයක් සහිතව මේ වැඩේට අත ගැහුවා නම් ඔන්න මොකක් හරි වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. Sri Lanka Latest News

අපි ගාව වටිනා දේකට තිබුණේ පත්තර ලෝකයේ පෙරළිකාර වැඩ කරපු නම් කීපයක් විතරයි. ඒත් ඒගොල්ලෝ මුදලාලිලා නෙවෙයි. ඉතින් ඒ නිසා වැඩේ සාර්ථක වෙනවට වඩා අසාර්ථක වෙයි කියලා ගොඩ දෙනෙක් හිතුවේ.

හැබැයි අපි අලුත් වන ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න පුළුවන් විදියේ වෙනස් වැඩක් පටන් ගත්තා. කඩදාසි පත්තරයක් විතරක් වෙනුවට online පත්තරයක් කියන සංකල්පය අපි ඉස්සරහට ගෙනාවා. පත්තරයක් විදිහට මුද්‍රණය කරලා උතුරයි නැගෙනහිරයි ඇරුණම මුළු ලංකාවටම බෙදාහරින්න අපිට පුළුවන් වුණා. ඒ අතර අපි e – paper එකට මුල් තැනක් දුන්නා. විවිධ වෙනස්කම් එක්ක අලුත් අත්හදාබැලීම් එක්ක අපි සාර්ථක වුණා.

මුද්‍රණය කරන පුවත්පත් අතර අපේ පත්තර ගොඩ ලොකු නැති වුණාට කියවීම් වාර ගාන හරියට ගණනය කළොත් ලංකාවේ වැඩියෙන්ම කියවන පත්තරය තමයි අපේ පත්තරේ. online සහ මුද්‍රිත කියන දෙවර්ගයම කියවීම් වාර ටික හරියට ගනින්න. අපි සමීක්ෂණ ආයතනවලට අභියෝග කරනවා පුළුවන් නම් අපිට වඩා කියවන කියවෙන පත්තරයක් හොයලා පෙන්වන්න. අපිට එක වෙන්න ඕනෙ අපි දෙවැනි වෙන්න පත්තර කරන්නෙත් නෑ. අපිත් එක්ක හැමදාම ඉන්න ආදරණීය ව්‍යාපාරික ප්‍රජාව අපිව විශ්වාස කරලා ඉවරයි. අපිව කියවන ආදරණීය පාඨකයෝ අපිව වැලඳගෙන ඉවරයි. අපිට ඊට වඩා ලැබෙන්න දෙයක් නෑ. අපි ලංකාවේ කිසිම සම්මානයකට අයැදුම් කරන්නේ නෑ.

නිවැරැදිව තෝරනවා නම් අපි ගාව ඉන්නවා ඕනෙ තරම් වැඩකරයො. අපි දේශපාලන වශයෙන් ස්ථාවරයි. අපි රටේ තියෙන ප්‍රශ්නවලදී කොන්ද කෙළින් තියාගෙන එක පැත්තක් ගන්නවා. අපිට හරි කියලා හිතන පැත්ත වෙනුවෙන් සටන් කරනවා. අපි අපේ මතය වෙනුවෙන් පෙනී සිටිනවා. අපිට අවශ්‍ය නැහැ බොරුවට මැදහත් බව පෙන්නන්න. අපිට අවශ්‍ය නෑ බොරු සාධාරණකමක් මවාපාන්න. අපි හැම වෙලාවකම ස්ථිර එක මතයක ඉන්නවා. ඒක ජනප්‍රිය හෝ ප්‍රසිද්ධ මතය නොවෙන්න පුළුවන්. අපි රටට ඇත්ත මහජනතාවට සාධාරණ විදියට අපේ යුතුකම ඉටුකරනවා. පත්තරකාරයෝ විදිහට බඩ වඩා ගන්නා පත්තර කලාවක් වෙනුවට යුතුකම් ඉටුකරන මාධ්‍ය කලාවක් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා.

මාසයකට මිලියනයක් විතර අපිව කියවනවා. අපි ඒ බව දැන දැනම නොමිලයේ ඔබට කියවන්න පුළුවන් විදියට, අපේ online පුවත්පත ඔබට දෙනවා. ලංකාවෙ හැම පත්තරයක්ම වගේ ඒ හරහා ලැබෙන මුදල ගැන සැලසුමක් හදනකොට අපි ඒක අමතක කරලා ඔබ වෙනුවෙන් වැඩ කරනවා. රටේ පත්තරවල මිල ‘පත්තර කියෙව්වා’ ඇති කියලා හිතෙන ගානට ඉහළ ගිහිල්ලා තියෙන වෙලාවෙත් අපි අපේ පත්තරය පරණන පුරුදු විදියටම රුපියල් 80ටම දෙනවා. අපි වෙනුවෙන් අතිරික්ත ප්‍රාග්ධනය යොදවන්න, ලොකු මුදලාලි කෙනෙක් නැතිවත් අපි අපේ වැඩේ හරියට කරන්න හිතාගෙනයි එහෙම එකක් කරන්නෙ.
ලෝකයෙ පත්තර කලාව නිමා වෙන්නෙ නෑ. නිමා වෙලත් බෑ. අපි නැතත් මේ රටේ පත්තර තියෙන්නම ඕනෙ. ඒ නිසා අපි හයවසක් නෙමේ හැට වසක් මේ ගමන යනවා. අපිට වෙන දේශපාලන හයියක් හෝ ආර්ථික හයියක් ඕනෙ නෑ. අපිට ඕනෙ ඔබේ ආදරය. ඈත එපිට වන්නි ගම්මානවල මිනිස්සුන්ගෙ ආදරය. හේනෙ කුඹුරෙ අව්කූටෙ ඔට්ටු වෙන ඔබේ ආදරය. පාරෙ තොටේ වෙහෙසෙන ඔබේ ආදරය. අපි වෙනුවෙන් ඈත රටක වෙහෙසෙන ඔබේ ආදරය.
ජාති ආගම් කුල භේද නැති මනුස්සකම ඇති සුන්දර රටක් වෙනුවෙන් අපි පේදුරුතුඩුවෙ ඉඳලා දෙවුන්දර තුඩුවටත්, සංගමන් කන්ද තුඩුවෙ ඉඳලා කොළඹ තුඩුවටත් ඇවිදිනවා. ඔබේ දාඩිය සුවඳ අපිට මිහිරිව දැනෙනවා. ඔබේ වෙහෙස, ඔබේ කඳුළු, ඔබේ සිනිහව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. කෝටි ගණනක ප්‍රාග්ධනයකට වඩා අපිට ඔබේ එක ආදරණීය ඇමතුමක් වටිනවා.

අපි ඔබේ මව්රට
මේ අපේ මව්රට
එන්න අපේ රවුමට….

මේ ‘මව්රට’ අපි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨා පන්නපු – සෙනග රැස්වුණු – බස් කුඩු කරපු – ගෙවල් ගිනිතියපු – බේරෙ වැවෙන් නාවපු – අරගලයට තුන්වසයි! පැතූ වෙනස වෙලාද? Sri Lanka Latest News

Next Post

මෝදි උතුරු නැගෙනහිර වතුකරයේ සියලු දමිළ නායකයන් එක්ක කතා කරයි!  PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.