අනුරාධපුර – රඹෑව මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි. (Sri Lanka Latest News)
මෙම අනතුරින් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.
මාර්ගයේ ගමන් කරමින් සිටි පිරිසක් මතට කැබ් රථයක් ගැටීමෙන් අදාළ අනතුර සිදු වී ඇති බව සඳහන් වෙයි
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සංගීත සංදර්ශනයක් නරඹා නිවෙස් වලට යමින් සිටි තරුණ පිරිසකි
අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16 ,19 හා 21වයස් වල පසුවන පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.
අනතුරින් පසු අදාළ කැබ් රථය පලාගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන මේ වන විට ආරම්භ කර ඇත.
dinamina










