කුමන්ත්‍රණ සියල්ලම කරනුයේ තම කණ්ඩායමේ තිදෙනෙක් බවත් ඔවුන්ව පන්වා දැමිය යුතු බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටි සමහරුන් ආප්ප කා පැන යද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විය යුතුව තිබුනේ නිමල් සිරිපාලද සිල්වා මහතා බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඡන්ද පෙරේතකමට රූපවාහිනියට ගොස් යමක් පවසා එහාට මෙහාට පනින්න බලාපොරොත්තුවෙන් සිටින පිරිස් තමන් සමඟ නොසිටියාට කමක් නැති බවද ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කෙසේවෙතත් පසුගියදා පැවැති පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ සියලු පක්ෂ එක්ව සමගියෙන් ඉදිරියට යායුතු බවත්, එකිනෙකා විවේචනය නොකළ යුතු බවත්ය.










