• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ වචන අපිට කියලා දුන්නා රත්න කියන්නෙ මැණික්වලට! Sri Lanka Latest News

May 17, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
ඒ වචන අපිට කියලා දුන්නා රත්න කියන්නෙ මැණික්වලට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
අද දවසෙ අපි දකිනවා රත්න මුදලාලි එයාගෙ පළමුවැනි සේවකයාව හොයාගෙන වාහනයක් අරගෙන යනවා. මේ වාහන ගන්න එක, වාහන ගෙනල්ලා පොඩි ෂෝ එකක් දාන එක, විවිධ වර්ගයේ වාහන ගෙන්නන එක, ලෝකෙ පළමුවැනි වාහනය, දෙවැනි වාහනය, ලිමිටඩ් එඩිෂන් වාහන ගෙන්නන එක හාල් මුදලාලිලා මේ දවස්වල විලාසිතාවක් විදිහට කරන දෙයක්. අපි ඒක එළිපිට හරිම විචිත්‍රවත්ව සාකච්ඡා කරන මාතෘකාවක්.Sri Lanka Latest News

හැබැයි නෝනාවරුනි මහත්වරුනි, මම ඔබෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා, පුළුවන් නම් මේ රත්න මුදලාලිගේ වාහන දිහා බලන්නෙ නැතුව, රත්න මුදලාලිගෙ රේන්ජ් රෝවර් එක අමතක කරලා දාලා, රත්න මුදලාලිගේ මොනවාදෝ මම දන්නෙ නෑ අපි නම් ගම් දන්නෙ නැති වාහන අමතක කරලා දාලා, රෝල්ස් රොයිස් ගැන කතාකරන එක නතර කරලා දාලා, රත්න මුදලාලිගේ ඒ වාහනේ දෙන වීඩියෝවෙ තියෙන වචන ටික නිදහසේ අහන්න. අන්න ඒ වචන ටික නිදහසේ ඇහුවොත් ඔබට හම්බවෙයි ඇත්ත රත්න මුදලාලි සහ රත්න මුදලාලිගේ සාර්ථකත්වයේ රහස.

ඒ වීඩියෝවේ තියෙන සමහර වචන ඕනෑම කෙනෙකුගෙ ඇස්වලට කඳුළු එන තරමේ ආදරණීය සහ ගෞරවනීය වචන කියලයි අපිට හිතෙන්නෙ. ඒගොල්ලො මෙහෙම කියනවා, ‘බාසුන්නැහේ අපිට කරපුවා අමතක නෑ’ කියලා. ඒ කියන්නෙ ලංකාවට හෙලිකොප්ටර් පවා ගෙනාපු, ලෝකෙ කොහේවත් නැති ජාතියේ වාහන ගෙනාපු ප්‍රකෝටිපති රත්න මුදලාලිගෙ බිරිඳ.

මේ වාහනය අරගෙන රත්න මුදලාලි තමන්ගෙ පළමුවැනි සේවකයාගේ ගෙදර යනවා, දෙපා මුලට යනවා. කෝල් එකක් දුන්නා නම් රත්න මුදලාලිට මේ මනුස්සයව එක වතාවක් නෙමේ සිය වතාවක් ගෙන්නන්න තිබුණා. ඕනෙනම් රත්න මුදලාලිට සේවකයෝ සිය දෙනෙක් එක්ක මේ වාහනේ මේ මනුස්සයාගෙ ගෙදරට යවන්න තිබුණා. ඕනෙ නම් රත්න මුදලාලිට මේ වාහනය යවන්න කැරියර් දහයක් පාවිච්චි කරන්න තිබුණා. නැත්තම් අඩුම තරමෙ රත්න මුදලාලිට මේක තනියම ගිහිල්ලා දීලා එන්න තිබුණා.
හැබැයි රත්න මුදලාලි තනියම යන්නෙ නෑ. රත්න මුදලාලිගෙ බිරිඳත් යනවා. රත්න මුදලාලිගෙ දුව හෝ පවුලේ දරුවෙක් කවුරු හරි කෙනෙක් මේකට සහභාගි වෙනවා. ඒගොල්ලෝ ගිහිල්ලා අර මනුස්සයින්ට වැඳලා, ඒ මිනිස්සු ළඟට ගිහිල්ලා මේ කරන ගෞරවය සහ මේ කරන හැසිරීම දැක්කම අපිට හිතෙන දේ තමයි ඒ තමයි රත්න මුදලාලිගෙ සාර්ථකත්වයේ රහස.

ආදරණීය බිරිඳක් රත්න මුදලාලිට ඉන්නවා කියලා අපි දැකපු පළමුවැනි අවස්ථාව. අපි විශ්වාස කරනවා මේ අසිරිමත් කාන්තාව රත්න මුදලාලිට මේ තරම් සාර්ථක මනුස්සයෙක් වෙන්න කොච්චර උදව් වෙන්න ඇතිද කියන එක මේ වීඩියෝ දිහා බලද්දි ඔබට තේරෙනවා. ඇය කියනවා ‘අපිට අමතක නෑ බාසුන්නැහැ අපි වෙනුවෙන් කරපුවා’ කියලා. ඒකට ඔහු උත්තර දෙනවා. ඔහු කියනවා ‘ඒවා ඔක්කොටම ගෙවලා තියෙන්නෙ’ කියලා. හැබැයි ඔහු ඊට පස්සෙ කියනවා එක තැනකදි ‘මම කළේ පිටිපස්සෙන් හිටපු එක විතරයි, හැබැයි මෙයා ඉස්සරහින් ගියා’ කියලා.

මේ ආදරණීය ගුරුතුමිය… අපි ඇයට එහෙම කියන්නෙ ඇයට ටීචර් කියලා බොහෝ දෙනෙක් ආමන්ත්‍රණය කරන නිසා. අපි වැරැදි නම් නිවැරදි කරන්න. මේ ආදරණීය ගුරුතුමිය කියනවා එක වෙලාවකදි ‘අන්න ඒ පිටිපස්සෙන් හිටපු එක තමයි බාසුන්නැහැ මේ සාර්ථක වෙන්න බලපෑවෙ’ කියලා.

ඕනෙ තරම් ජයග්‍රාහකයෝ තමන්ගෙ ජයග්‍රහණය වෙනතුරු තමන් ළඟ ඉඳපු මිනිස්සු අමතක කරලා දානකොට, අපි ගඟෙන් එතෙර වෙනකන් විතරක් බෝට්ටුව ළඟ තියාගන්න ඕනෙ කියන අදහසින් මිනිස්සු ඉන්නකොට, ‘අල්ලේ සීනි නැත්නම් ලෙවකාලා වැඩක් නෑ’ කියලා හිතන මිනිස්සු ඉන්න සමාජෙක මේ ප්‍රකෝටිපති මනුස්සයා තමන්ට මුල් කාලේ වැටෙන්න නොදී වාරුවක් වෙච්ච මනුස්සයා ගාවට ගිහිල්ලා, ඔහුට කාර් එකක් අරගෙන ගිහිල්ලා ඔහු ගාවදි කියන මේ වචන ටික ඔබ ඇහුවා නම් ඔබට තේරෙයි මේ මිනිහට හරිගිහිල්ලා තියෙන්නෙ ඇයි කියන එක.

මේ මනුස්සයා හාල්වලින් හම්බකරන් කනවද, මේ මනුස්සයා සාමාන්‍ය ගොවියාව අපහසුතාවට පත්කරනවද, සාමාන්‍ය ගොවියාගෙන් ගරාගන්නවද ගසාකනවද ඒවා හොයනවට වඩා මේ මනුස්සයා දිහා පුළුවන් නම් ළංවෙලා බලන්න. පුළුවන් නම් මේ මිනිස්සුන්ගෙ හෘද ස්පන්දනය අහගෙන ඉන්න. මේ මිනිස්සු කියන දේවල් අහන්න. පළමුවැනි සේවකයා වෙනුවෙන් මේ මිනිස්සු මහන්සි වෙන හැටි, ඒ මනුස්සයට ආදරය දෙන හැටි හොයලා බලන්න.

මේක නිකම්ම නිකන් තෑග්ගක් දීලා අත පිහදාගැනීමක් නෙවෙයි. මේක නිකම්ම නිකන් මේ මනුස්සයා වෙනුවෙන් කරපු පරිත්‍යාගයක් නෙවෙයි. මේක ඕනෙ නම් කෙනකුට කියන්න පුළුවන් ‘කෝටි ගණන් සල්ලි තියෙන මනුස්සයෙකුට මේ වගේ දෙයක් කරන එක මාර සිම්පල් නේ, මේක මහා ලොකු දෙයක් නෙවෙයිනේ’ කියලා. ඔව් ඒක ඇත්ත. කෝටි ගණන් සල්ලි තියෙන මනුස්සයෙකුට රුපියල් දසදහසක්, පහළොස් දහසක්, විසිදහසක්, ලක්ෂයක්, සමහර විට ලක්ෂ පහක් මහ ලොකු ගානක් නෙවෙයි. හැබැයි ලක්ෂ හැටක්, හැත්තෑවක්, අසූවක් කියලා කියන්නෙ හරිම සිම්පල්, ලේසියෙන් අමතක කරලා දාන්න පුළුවන් පොඩි ගානක් නෙවෙයි ලෝකෙ ඉන්න කිසිම මනුස්සයෙකුට.
ඊළඟ කාරණය මෙයාට මේක කොච්චර පොඩි ගානක් වුණත් අපි විශ්වාස කරන්න ඕනෙ දේ තමයි, ඕනෑම වර්ගයක මනුස්සයකුට වාහනයක් අරන් දෙන්න පුළුවන්. සල්ලි තියෙනව නම් සල්ලි වියදම් කරන්න පුළුවන්. හැබැයි නිසි ගෞරවය දෙන එක, නිසි ආදරය දෙන එක, ඒ ගෞරවය නිසි පරිමාණයට දෙන එක, ආදරය නිවැරදි ආකාරයෙන් දෙන එක ලේසි වැඩක් නෙමෙයි. මේ මනුස්සයා කරන්නෙ ඒක. බලන් ඉන්න අපේ ඇස්වලට කඳුළු එන්නෙ ඒ කාර් එක දැකලා නෙමෙයි. ඒ කාර් එක ඇත්තටම හරියට පේන්නෙවත් නෑ. ඒත් මේ මනුස්සයා කරන ඒ ගෞරවනීය හැසිරීම, ඒ කියන වචන ටික, ඒ කියන ප්‍රකාශ ටික කොච්චර ලස්සනයිද කියලා අවධානයෙන් බලන්න, අවධානයෙන් අහන්න. එතකොට ඔබට දැනෙයි මේ මිනිස්සු දියුණු වෙලා තියෙන්නෙ නිකන්ම නෙමෙයි කියන එක.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨාගේ කාලෙ වගේ වෙන්නද යන්නේ? ප්‍රශ්න ගොඩයි! ගොවීන් කොළඹ වටලන්න ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

Next Post

ප්‍රශ්න තියෙන ගොවියන්ට ධීවරයන්ට දැන් පුළුවන් පොදු දේපොළක් අල්ලගෙන ප්‍රශ්න විසඳගන්න! මල්වානේ ගෙදර ගැන අන්තරේ හිටපු කැඳවුම්කරු කියන කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.