අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලිවල පවත්වාගෙන යන රජයේ ආයතන රජය සතු ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවත්වාගෙන යන කාර්යාලයේ මාසික කුලිය ලක්ෂ පනහක් බවද ඔහු ප්‍රකාශ කළේය. මෙයට අමතරව වෙළෙඳ අමාත්‍යාංශයේ මාසික කුලිය ලක්ෂ 65 ක් බව ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදයේදී ය.
නව රජයේ අමාත්‍ය මණ්ඩලයේ 24 දෙනාම නිල නිවාස වලට නොගිය බවත් විදුලි බිලේ සිට වතුර බිලේ සිට මුදල් ඉතිරි කරන බවත් සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.










